අරුණි ශපීරො සහ රැන්ඩ් පෝල් 2016

අරුණි ශපීරෝට තවත් කරගන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමන්ගේ කලු හම සුදු කරගන්න එක. කළින් වහල් ක්‍රමයට එරෙහිව රාජ්‍යය බලය යොදවනවාට විරුද්ධ වුන අරුණි ගේ බ්ලොගයේ දකුණු පැත්තේ දැන් ගහල තියනව Rand Paul 2016 කියල. පේන විදිහට අරුණිට අනුව 2016 රිපබ්ලිකන් ජනාධිපතිව අපේක්ෂකයා විය යුත්තේ රැන්ඩ් පෝල්. රැන්ඩ් පෝල්, අරුණිගේ දේව මෑණියන් වන අයින් රැන්ඩ් ට සමාන වෙන්නේ නමින් විතරක් නෙවෙයි. දරන තකතීරු අදහසුත් එක වගේ.

රැන්ඩ් පෝල් ඇමරිකාවේ 1964 සිවිල් අයිතිවාසිකම් පනත නොහොත් Civil Rights Act of 1964 වලට විරුද්ධයි. මේක ඇමරිකන් ඉතිහාසය වෙනස් කරපු ඉතා දැවැන්ත පනතක්. කලු මිනිස්සුන්ට සුඩු මිනිස්සු සමග එකම විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ මේ හරහා. සේවායෝජකයන්ට සේවකයන් බදවා ගැනීමේදී ජාතිය, වර්ණය, ආගම, ලිංගය ආදී දේ මත පදනම්ව වෙනස්කම් කරන්න තහනම් වුනේ මේ හරහා. කොටින්ම ආපන ශාලා වල සුදු හ කලු මිනිස්සුන්ට වෙන වෙනම පොළිම් දෙකක් සෑදීම තහනම් කළේ මේ හරහා.

ඒත් රැන්ඩ් පෝල් මේ එකක් වත් වැඩක් නැහැ. ඔහුට වැදගත් තමන්ගේ සුරුට්ටු බිම්හල තමන්ට ඕන ලෙස පවත්වාගෙන යෑම. ඔහු කියනව මෙහෙම,

 There are things that people were concerned about that were unintended consequences [of the Civil Rights Act], for example, people who believe very fervently in people having equal protection under the law, and are against segregation and all that, still worried about the loss of property rights…for example, I can’t have a cigar bar any more, and you say, “well, that has nothing to do with race” — the idea of whether or not you control your property, it also tells you, come in here I want to know the calorie count on that, and the calorie Nazis come in here and tell me. […] The point is that its not all about that. It’s not all about race relations, it’s about controlling property, ultimately.

ඉතින් මේ මනුස්සයා ජනාධිපති වෙලා හිටියානම් මෙලහකට අරුණි ශපීරෝ ඇමරිකාවේ ආපනශාලා වල කල්ලන්ගෙ පෝළිමේ හිටගෙන ඉන්නව. 

කොහම වුනත් රැන්ඩ් පෝල් ගේ මේ අන්තවාදී අදහසට ආපු දැඩි විරෝධය හමුවේ ඔහු ප්‍රකාශයක් කළා සිවිල් අයිතිවාසිකම් පනත ඉවත් කරන්න උත්සහ කරන ව්‍යාපාරයකට ඔහු සහයෝගය දෙන්නෙ නැහැ කියල.

“I have clearly stated in prior interviews that I abhor racial discrimination and would have worked to end segregation,” Paul said in the statement. “Even though this matter was settled when I was 2, and no serious people are seeking to revisit it except to score cheap political points, I unequivocally state that I will not support any efforts to repeal the Civil Rights Act of 1964.”

“Let me be clear: I support the Civil Rights Act because I overwhelmingly agree with the intent of the legislation, which was to stop discrimination in the public sphere and halt the abhorrent practice of segregation and Jim Crow laws.”

ඉතින් මිනිහා 2016 ජනාධිපති වුනොත් ශපීරෝට සුද්දන්ගේ පොළිමේ ඉදන් කන්න ගන්න හම්බ වෙයි. එත් මිනිහා 64 ජනාධිපති වෙලා හිටියනම් අරුණි කල්ලන්ගේ පෝළිමේ. හැබැයි ඒකත් විශ්වාස නැහැ. මොකද මිනිහා සිවිල් අයිතිවාසිකම් පනතට කැමැති ඒක රාජ්‍යය අංශයේ ජාතිවාදී වෙනස්කම් වලට විරුද්ධ වුන නිසා. පුද්ගලික සමාගමක් එවැනි වෙනස්කම් කරනවනම් ඊට විරුද්ධ වෙන්න රජයට අයිතියක් නැහැ කියලයි ඔහු හිතන්නෙ. ඔහුගෙන් MSNBC වාර්තාකාරයෙක් මේ පුද්ගලික සමාගම් වලින් කරන වෙනස්කම් ගැන ඇහුවාම ඔහු ප්‍රශ්නය මග ඇරියා.

“Should we limit speech from people we find abhorrent?” Paul asked. “Should we limit racists from speaking? I don’t want to be associated with those people, but I also don’t want to limit their speech in any way, in the sense that we tolerate boorish and uncivilized behavior because that’s one of the things that freedom requires… that we allow people to be boorish and uncivilized, but that doesn’t mean we approve of it.”

Oops. අරුණි ආපහු කල්ලන්ගේ පෝළිමට වැටිල. 

මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මේකයි. මොවුන් යම් කිසි දෘෂ්ඨිවාදයක් විශ්වාස කරනවා. ඒක කොච්චර තදින් ඔවුන් විශ්වාස කරනවාද කිව්වොත් ඔවුන් හිතනවා ලෝකය ඒ දෘෂ්ඨිවාදයට පිටින් වැඩ කරන්නේ නැහැ කියල. ඕනම දෘෂ්ඨිවාදයක ප්‍රශ්න තියනව. මිනිස්සුට තියන ප්‍රශ්න ඔක්කටම උත්තර එකම විසදුමකින් දෙන්න අමාරුයි. ඒක් තේරුම් නොගන්න එකයි මොවුන්ගේ ප්‍රශ්නෙ.

5 thoughts on “අරුණි ශපීරො සහ රැන්ඩ් පෝල් 2016

  1. මම ඔබේ ලිපි කියෙව්වා ඉතා විශිෂ්ඨයි මම එහෙම කියන්නෙ විවිධ පැති වලින ඔබට දැකීමේ ඇති නිදහස් මානසිකත්වය ගැන හිතල. ඒ වගේම මාක්ස්වාදය ගැනත් පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් එන සමාන නිගමනයකට තවත් දිගුවක් තියෙනව.ඒ තමයි ට්‍රොට්ස්කි වාදය ට්‍රොට්ස්කි තමාගේ නොනවතින විප්ලවය නැමැති න්‍යාය තුලින් සමාජවාදී රාජ්‍යන්ගේ අසාර්ථකත්වය හා ලැජ්ජාව අපූරැවට වහගන්නව හරියටම පශ්චාත් නූතනවාදීන් යථාර්තයක් නෑ විඤ්ඤාණය ඉන් ස්වායත්තයි කියනව වගේමයි. ට්‍රොට්ස්කිට අනුව සමාජවාදය ලෙනින්ගෙන් පස්සෙ තනි රටේ සමාජවාදය ලෙසට පීලි පනිනව චීනයේ කියෙන්නෙ විකෘති සමාජවාදයක් කියුබාවේ වගේ රටවල් ද කම්කරුපන්ති ආඥාදායකත්වය හරහා නොව කල්ලිහරහා බිහිවූ සමාජවාදයක් ඉතින් ඔය විදිහට 4 වෙනි ජ්‍යාත්යන්තරය ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරැපන්ති විඥ්ඤාණයෙන් යුතු පක්ෂ විවිධ රටවල පවත්වගෙන යනව හැබැයි ඔවුන් පශ්චාත් නූතනවාදීන් තරම්ම නි්‍යාත්මකව බංකොලොත් නෑ (පශ්චාත් නූතනවාදීන්ට සාපේක්ෂව ) නමුත් දෙගොල්ලොම කරන්නේ ඔබ කියනව වගේම අසාර්ථක වෙච්ච මාක්ස්වාදය බේරගන්න උත්සාහ කරන එකයි.

  2. 2016 දී රූන්ඩ් පෝල් ජනාධිපතිවරණයට තරඟ කළහොත් ඔහුට මගේ චන්දය දෙමි.

    The Civil Rights Act of 1964 (http://www.archives.gov/education/lessons/civil-rights-act/) ඇමෙරිකන් වැසියන්ගේ (හමේ පාටවල් කුමක් වුවත්) නිදහස කප්පාදු කරන ලද්දකි. මිනිසාට ස්වභාවයෙන් ලැබුණක් යැයි නොදන්නා, නිදහස ප්‍රදානය කරන්නේ ආණ්ඩුවක් යැයි විශ්වාස කරනවුන්ට මේවා වැටහෙන්නේ නැත.

    1964 සිවිල් අයිතීන් පනතක් කියා සම්මත කරගත්තේ කොංග්‍රසයට රටේ හැම බැංකුවකම, හැම අධ්‍යාපන ආයතනයකටම ඇඟිලි ගහන්නට හැකි විධියකි.

    Discrimination නැති කරන නාමයෙන් මිනිසුන් අතර සබඳතා පැවැත්වීමේ නිදහස කප්පාදුව අයිතීන් ආරක්ෂා කිරීමක් නොවේ. 1964 සිවිල් අයිතීන් පනත විසින් අධ්‍යාපන ආයතන වලට හෝ රැකියා ස්ථාන වලට කිසිම ජනවර්ගයක හෝ ස්ත්‍රී/පුරුෂ භාවය අනුව බඳවා ගැනීම තහනම් නොකරන ලද්දකි. සේවා යෝජකයා හෝ අධ්‍යාපන ආයතනයේ බඳවා ගැනීමේ නිලධාරියාට කැමති පරිදි තෝරාගැනීමට එයින් ඉඩ ලැබිණ. එකම කොන්දේසිය වූයේ වැරදි හේතුවක් අනුව තෝරාගැනීමට නොහැකියි කියා පමණි. සුදු හමැති පිරිමි අයව පමණක් තව දුරටත් බඳවා ගැනීමට එයින් අවසර ලැබුණි. එහෙත් සුදු හමැති පිරිමි අයව පමණක් බඳවා ගන්නේ යැයි අභිප්‍රායට පමණක් ඉඩක් නොලැබුණි.

    අයෙකුගේ අභිප්‍රාය කුමක්දැයි තවකෙක් දැනගන්නා හැකියාව ගැනත් මේවා ලියන අයට වැටහෙන්නේ නැත. නැත්නම් මගේ අභිප්‍රායන් ගැන තමන් සක් සුදක් සේ දන්නා ලෙසින් මෙවැනි සටහන් පළ වෙයි ද?!!!! 🙂

    අභිප්‍රායක් ඔප්පු කරන්නේ කෙසේද? ඕනෑම තීරණයක් යනු මිශ්‍ර වූ අරමුණු රාශියක සංකලනයකි. සමහර විට තීරණය ගන්නා අය ද ඒ තීරණය ගත්තේ කෙසේදැයි සම්පූර්ණ පැහැදිලි ආකාරයකින් නොදනියි.

    අයෙක් අධ්‍යාපන ආයතනයකට හෝ රැකියාවකට තවකෙක් බඳවාගන්නේ කෙසේදැයි කියන්නට ආණ්ඩුවකට කොහෙත්ම බැරිය.

    ඉතින් සිද්ධ වෙන්නේ අනුන්ගේ අභිප්‍රායන් මොනවාදැයි කියන්නට දන්නා විද්වතුන් යැයි කියාගත් පිරිසක් විසින් හිතුමතයේ තීරණය කරන අහවල් ප්‍රමාණයක් කළු හමැති අය, අහවල් ප්‍රමාණයක් ගෑණු අය බඳවා ගත යුතු යැයි රෙගුලාසි ගෙන ඒමයි. එයින් සුදුස්සාට සුදුසු තැන අහිමි වෙයි.

    එසේම තමන් කැමති අය හා ඇසුරට තමන්ට හැකියාව නැති කරයි. හරියට ධනවාදීන්ගේ සංගමයකට කොමියුනිස්ට්වාදියෙක්ට සාමාජිකත්වයක් දීම අයිතියක් යැයි ඉල්ලා සිටීමක් වැනිය!!!! මෑතක දී වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍ය ආගමිකයන්ට කතෝලික ශිෂ්‍ය සමිතියේ සාමාජිකත්වය දිය යුතු යැයි නඩුවක් ගියේ මෙවැනි අමන පනත් නිසයි. කැළණිය විශ්ව විද්‍යාලයේ දීත් ජවිපෙ ශිෂ්‍ය නියෝජිතයන් එහි වූ හැම ශිෂ්‍ය සංවිධානයකටම ඔවුන්ගේත් සාමාජිකයෙක් ඇතුල් කරගන්නට උත්සාහ කළ බව සිහිවේ!!!

    යම් ව්‍යාපාරයක් හෝ අධ්‍යාපන ආයතනයක් සුදුස්සාට සුදුසු තැන නොදෙන්නේ ද එහි දී ව්‍යාපාරය බංකොළොත් වී යයි, අධ්‍යාපන ආයතනයේ අගය අඩු වී යයි. එකිනෙකාගේ කැමැත්තෙන් සිද්ධ වූ ගණුදෙනු වලින් යුතු ඒවා සමඟ තරඟ කරන්නට අපොහොසත් වූවන්, ආණ්ඩුවේ සහායක් නොමැතිව තමන්ගේ ව්‍යාපාර සහ අධ්‍යාපන ආයතන පවත්වා ගෙන යාමට නොහැකි නිසා මෙවැනි නීති පනත් ගෙන ආහ.

    1964 සිවිල් අයිතීන් පනත වැනි නරක නීති පනත් අහෝසි කළ යුතුය.

    1. ප්‍රථමයෙන්ම මට ඔබට කිව හැක්කේ මා වැනි ඔබේ ප්‍රතිවාදින්ගේ දර්ශනය අපේ දර්ශනයන් පිළිබද Cato Institute හෝ Heritage Foundation අපේ දර්ශනයන් පිළිබද කියන දේ වලට වෙනස් බවයි. නැත, නිදහස මිනිසුන්ට ආණ්ඩුවෙන් තෑගි කරන ලද්දක් නොවේ. නමුත් එය ස්වභාවයෙන් ලැබුනු දෙයක්ද නොවෙයි. විශ්වයේ තිබෙන සියලුම පරමාණු පිරික්සා බැලුවත් ඒ තුල මානව අයීතිවාසිකම් සොයාගත නොහැකියි. නිදහස පිළිබද සංකල්ප සොයාගත නොහැකියි. මේ සියල්ල වසර දහස් ගණනක් තුල මිනිසා විසින් සාකච්ඡා හා සංවාද හරහා නිර්මාණය කරන ලද ඒවායි. ඒ සාකච්ඡා හා සංවාද හරහා මානව අයිතිවාසිකම් පිළිබද යම් එකගතාවයන් වලට අපි පැමිණ සිටිමු.

      මිනිසුන්ට දේපළ පිළිබද අයිතියක් ඇති බව මාර්ක්ස්වාදින් හැර අනිත් සියලු දෙනාම පිළිගනී. තමන්ගේ දේපළ පිළිබද අයිතියක් තමන්ට ඇති බව ඔබ තරමටම මමද පිළිගනිමී. නමුත් ඒ අයිතිය අනිත් සියලු අයිතීන්ට වඩා වැදගත් බව මම නොපිළිගනිමි. යම් යම් අවස්ථා වලදී මිනිසුන්ගේ අයිතිවාසිකම් අනිත් මින්සුන්ගේ අයිතිවාසිකම් හා ගැටෙයි. ඒ අවස්ථා වලදී වඩා වැදගත් අයිතිය තීරණය කිරීමට සමාජයට සිදුවෙයි. ඒ අයිතිය ආරක්ෂා කරන්නට රජයක් උපයෝගී කරගන්නට සමාජයට සිදුවෙයි. උදාහරණයක් ලෙස කුඩා දූපතක තිබෙන්නේ එක ළිදයි නම්, දූපතේම මිනිසුන්ට ජලය ලැබෙන්නේ ඒ ළිදෙන්නම්, ඉඩම අයිති මිනිහාගේ ළිද පිළිබද ඒ මිනිහාට ඇති අයිතිවාසිකමත්, දූපතේ අනික් මිනිසුන්ගේ ජිවත් වීම සදහා ඇති අයිතිවාසිකමත් සංසන්දනය කර, වඩා වැදගත් අයිතිය කුමක්දැයි තීරණය කරන්නට සමාජයට සිදුවෙයි. ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට රජයක් අවශ්‍යය වේ.

      1964 සිවිල් පනත හරහා සිදු කෙරෙන්නේ මෙවැනි අයිතිවාසිකම්වල සාපේක්ෂ වැදගත් බව ගැන තීරණයක් ගැනීමකි. ඔබේ comment එකේ කතා කර තිබෙන්නේ සිවිල් පනතේ එක කොටසක් පමණි. නමුත් ඔබට මතක ඇති ව්‍යාපාරික ස්ථානවල සුදු හා කලු ලෙස පෝලිම් දෙකක් ගැසීමත් තහනම් කරන ලද්දේ මේ හරහායි. කලු මිනිසුන් බස් රථ වල පිටිපස්ස කොටසට පමණක් සීමා කිර්‍රිමට තහනම් කරන ලද්දේ මේ හරහායි. වෙනත් වචනවලින් කියනවම්, මෙහීදී ගන්නා ලද තීරණය වූයේ දේපල පිළිබද ඔබට ඇති අයිතියට වඩා බල්ලෙක් ලෙස සමාජයෙන් සැලකුම් නොළැබීමට මිනිසුන්ට ඇති අයිතිය වැදගත් බවයි.

      Affirmative Action පිළිබද කාරණය වඩා සංකීර්ණ දෙයකි. සිවිල් පනතක් නැත්තම්, තමන්ට ඕන සුදු, කලු, ගැහැණු, පිරිමි ඕනෑම කෙනෙකු රස්සාවට බදවා ගන්නට හැකි බව ඇත්තකි. ප්‍රශ්නය එය එසේ නොවීමටයි. වෙනත් උදාහරණයක් ගත්තොත් ඔබේ බ්ලොගයෙන් මාව වාරණය නොකර සිටින්නට ඔබට හැකි බව ඇත්තක්. නමුත් ප්‍රශ්නය ඔබ මාව කෙසේ නමුත වාරණය කර තිබීමයි.

      ඔබ මාව වාරණය කිරීම මට එතරම් ප්‍රශ්නයක් නොවෙයි. එසේ ඔබට මාව වාරණය කරන්නට ඔබට ඇති අයිතිය නැති කරන්නට ආණ්ඩුව හරහා නීති ගෙන එන්නට මට වුවමනාවක් නැත. මීට හේතුව ඔබ මාව වාරණය කිරීම හරහා මගේ සැලකිය යුතු අයිතියක් මට අහිමි නොවීමයි. මට මගේ අදහස් ප්‍රකාශ කරන්නට ඔබේ බ්ලොගයටම එන්නට අවශ්‍ය නැත. ඒ නිසා මාව වාරණය කිරීමෙන් ඔබ ඔබේ intellectual තක්කඩි භාවය ප්‍රදර්ශනය කලත් මගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන්නේ නැත.ඔබ මාව වාරණය කර තිබීම මට එතරම් ගැටලුවක් නොවන්නේ ඒ නිසයි.

      නමුත් අපි හිතුවොත් අදහස් ප්‍රකාශ කරන්න ලෝකෙ තියන එකම තැන ඔබේ බ්ලොගයයි කියා, එයින් මා වාරණය කලහොත් එය මට බරපතල ප්‍රශ්නයකි. මම ඔබට විරුද්ධව නඩු මගට යනු ඇත. ඔබ මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කර ඇත.

      1964 සිවිල් පනත විසදන්නට යන්නේ මෙවැනි ප්‍රශ්නයකි. සිවිල් පනත නැතත් කලු මිනිසුන් රස්සාවට ගන්නට සුදු මිනිසුන්ට කිසිම බාධාවක් නැත. නමුත් ප්‍රශ්නය එය එසේ නොවීමයි. වර්ණභේදවාදී හේතුන් මත සුදු මිනිසුන් තම සමාගම් වලට කලු මිනිසුන් බදවාගත්තේ නැත. සුදු මිනිසුන් පාලනය කලේ රටේ මුලු සම්පත් ප්‍රමාණයෙන් සියයට පහක් දහයක් පමණයි නම් මෙය ප්‍රශ්නයක් නොවෙයි. එවිට එය ඔබ ඔබේ බ්ලොගයෙන් මාව වාරණය කිරීමට සමාන වනු ඇත. නමුත් රටේ සම්පත් ප්‍රමාණයෙන් විශාල බහුතරයක් පාලනය කරමින් එසේ කලු මිනිසුන්ට සැලකීම බරපතල ප්‍රශ්නයකි.කලු මිනිසුන්ගේ අයිතිවාසිකමක් මෙහිදී බරපතල ලෙස උල්ලංඝනය වී ඇත. රටේ මුලු සම්පත් ප්‍රමාණයෙන් සියයට දෙක තුනක් මත යැපීමට ඔවුන්ට සිදුවී ඇත.

      Affirmative Action හරහා ආර්ථිකය යම් ප්‍රමාණයක් අකාර්යක්ශම වන බව ඇත්තකි. මෙය Macroeconmics 101 පන්තියක දවසක් නිදි කිරපු කෙනෙක්ටත් තේරෙන දෙයකි. නමුත් central arbiter කෙනෙක් නොමැතිව ඇතිවන coordination problems දැක දැකත්, central arbiter කෙනෙක් හරහා ඒ ප්‍රශ්න විසදමින් ආර්ථික කාර්යක්ශමතාවය වැඩි කළ හැකි බව දැක දැකත්, දාර්ශනික කාරණාමත ඊට විරුද්ධවන ලිබර්ටේරියානුවන් ඒ පිලිබද දුක් වීම හාස්‍යජනකයි. ආර්ථික කාර්යක්ශමතාවය වැදගත් වුනත්, එය වැදගත් එකම දෙය නොවෙයි.

      අවසාන වශයෙන්, මේ දේවල් කොහොම උනත්, Rand Paul ට ඡන්දය දීම හාස්‍යජනකයි. මට කියන්න සමලිංගික විවාහයට විරුද්ධ වීමට ඔහුට තිබෙන දාර්ශනික හෙතුව?

      1. ආදරය කියන සංකල්පය හැදුනෙ මොනවායෙන් ද, අන්න ඒවායෙන් තමයි නිදහස කියන සංකල්පයත් හැදෙන්නෙ!

        තමන්ගෙ ජීවිතය තම දේපලකි. එයට අයිතිය කියත හැකි නිදහස අනිත් අයිතීන් සියලු අයිතීන්ට වඩා වැදගත්.

        කුඩා දූපතක එක ළිඳක් තිබුණ පමණින්, එහි වතුර බෙදන්නට ආණ්ඩුවක් දන්නවා යැයි සිතන අයට ඒ ළිඳේ අයිතිකරුවා ආණ්ඩුවට හේත්තු වී බෙදන ජලයෙන් දූපතේ වැසියන් පීඩිතයන් කරන හැටි ද දකින්නට නොහැකියි. වෙන දූපත් සහ වෙන මහා ද්වීප වලින් ජලය රැගෙන විත්, නැත්නම් දූපත වටකර ඇති මුහුදු ජලය පානීය ජලය බවට හරවමින්, තම දූපතේ වැසියන්ට විකුණන්නට දූපතේ අනිත් වැසියන්ට ද බැහැයි සිතන්නේ මොන පටු චින්තනයෙන් ද?!!! http://www.freedrinkingwater.com/water_quality/quality1/1-make-seawater-drinkable.htm

        ඇමෙරිකන් වැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් කළු සුදු යැයි හමේ පාට අනුව පෝලිම් ලගින, ආණ්ඩුවෙන් බෙදන, දේශපාලන අයිතිවාසිකම් බවට පත් වූයේ ද ඔබ නැතිවම බැරි යැයි කියන රාජ්‍ය මැදිහත්කරුවා/මධ්‍යගත විනිසුරුවා නිසාම යන්න ඔබ නොසලකා හරියි. 1876 දී Jim Crow නීති පනවා ගත්තේ ආණ්ඩුවට හේත්තු වී තම ව්‍යාපාරයට වරප්‍රසාද ලබාගනු පිණිස ආණ්ඩු මැදිහත්වීම ඉල්ලන නිදහස් වෙළඳපොල තරඟය අකමැති අයයි. ජිම් ක්‍රෝ නීති වලින් දකුණු ප්‍රාන්ත වල පාසැල්, මහජන ස්ථාන හා මහජනයා සඳහා වූ ප්‍රවාහන කළු සුදු පෝලිම් වලට ගියේ සුදු ව්‍යාපාරිකයන් කළු අයට අකමැති වූ නිසා නොවේ. මහජන ප්‍රවාහනය සැපයූ පුද්ගලික කොම්පැණි ජිම් ක්‍රෝ නීති වලට එරෙහිව නඩු පවරමින් ක්‍රියාශීලීව විරෝධය පෑ බව ඔබ ඔබේ පාඨකයන්ට කිව යුතුයි. http://www.jstor.org/discover/10.2307/2121814?uid=3739704&uid=2129&uid=2&uid=70&uid=4&uid=3739256&sid=21104029995391

        මමත් පුද්ගලිකව සමලිංගික විවාහයට විරුද්ධයි. කවුරු හරි කිව්වොත් තව ගෑණියෙක් එක්ක මම විවාහ විය යුතු යැයි කියල මට මම ඒකට තරයේ විරුද්ධ වෙනවා!!!! ඒත් වෙන අය කවුරු එක්ක විවාහ වුනත් මට කමක් නැහැ. මම කා එක්ක විවාහ එකඟතාවයට එළඹෙනවා ද යන්න රජයේ කාර්ය භාරයක් නොවේ. රෑන්ඩ් පෝල් මෙන්ම මා ද වැඩිහිටියන් ඔවුනොවුන් අතර එකඟතාවයන් හදා ගන්නවාට විරුද්ධ නැහැ. පෝල් විසින් කරන්නේ බදු සඳහා විවාහය යන්න යළි නිර්වචනය කරන්න යෑම ප්‍රතික්ෂේපය මිසක් සමලිංගිකයන්ට විවාහ වෙන්න එපා කියලා වෙන කවුරුත් නීති ගෙනෙන එක ගැන පෙනී සිටිනවා නෙමෙයි. ඇමෙරිකාවේ බදු ක්‍රමය පවුල යන්න අනුව සැකසුන ලද්දක්. අවිවාහක නම් රජයට ගෙවන බදු බර වැඩියි. ඒකත් අසාධාරණයක් නොවේද? http://en.wikipedia.org/wiki/Political_positions_of_Rand_Paul#Same-sex_marriage

      2. ආදරය කියන්නෙ නිදහස, මානව අයිතිවාසිකම් වගේ දෙයක් නෙවෙයි. ඒක ඉතාම සරල, පරිණාමවාදය හරහා තේරුම් ගත හැකි, මොළයේ රසායනික ක්‍රියාකාරකම් හා බැදුනු මිනිසුන්ට දැනෙන හැගීමක්. ඔලු කට්ට හරහා වෙඩි තිබ්බොත් ආදරයත් නැතිවෙනවා. මට කියන්න ඕන දේ තමයි නිදහස වගේ දේවල් ස්වහාවයෙන් ලැබෙනව වගේ කිව්වට ඇත්තටම එහෙම ලැබෙන දෙයක් නෑ කියන එක. ඒවා සාකච්ඡා, සංවාද හරහා නිර්මාණය කෙරුනු, කාලෙන් කාලේට විවිධ අවශ්‍යතාවයන් අනුව වෙනස් වන දේවල්.

        Thought experiment එකක් දුන්නම ඒකෙන් පැනලා යන්න එපා. ඒව අපිට යම් යම් දේවල් උගන්නනව. ඔබම කියන පරිදි ජිවිතය තමන්ට අයිති දේපළක් නම්, ඊට අයිතිය කිව හැකි නිදහස අනික් සියලු අයිතීන්ට වඩා වැදගත් නම්, අනිවාර්යයෙන්ම ජීවිතය පවත්වාගෙන යන්නට තමන්ට තියන අයිතිය අනික් හැම අයිතියටම වඩා වැදගත්. වතුර නැතිව බඩගින්නෙ මැරිල යනවනම්, තමන්ගේ වත්තේ තණකොළ කපන්න තමන්ට තියන අයිතියෙන් ඇති වැඩක් නෑ.

        ආපහු කුඩා දූපතට ගියොත්, වතුර තියන එකම තැන අයිති තනි පුද්ගලයෙක්ට නම්, ඒ ළිදෙන් වතුර ගන්න ඔහු අනික් අයට ඉඩ දෙන්නෙ නැත්තම්, අනිත් තියන ඔය එක එක අයිතීන්ගෙන් අනිත් මිනිස්සුන්ට ඇති වැඩක් නෑ. ඔබට පහසු නිසා ඔබ ප්‍රශ්නයෙන් පැනල යන්න හදනව. මම කතා කලේ ලෝකයෙ ඇත්තටම තියන දූපතක් ගැන නෙවෙයි. මේක thought experiment එකක් හින්ද මං කැමති ඕනම දෙයක් මට මේකට එකතු කරල පැනල යන එක අපහසු කරන්න පුලුවන්. නමුත් මේක ඇත්තම දූපතක් කියල හිතුවත් ඔබේ උත්තර දෙකෙන් එකක්වත් ඇත්තටම ක්‍රියාත්මක කළ හැකි දේවල් නෙවෙයි. මුහුදු ජලය පානීය ජලය කළ හැකියි. නමුත් දැනටත් එය මහා පරිමාණයෙන් සිදු නොවෙන්නෙ ඒවයේ මිල නිසා. එය ඉතාම මිල අධිකයි. වෙනත් මහාද්වීපයකින් ජලය ගෙනෙන්නට හැකියි. එය මුහුදු ජලය පානීය ජලය කරන තරමට මිල අධික නොවුනත්, ඉතාම මිල අධිකයි. ප්‍රායොගික, ආර්ථිකමය වශයෙන් කාර්යක්ශම විසදුම තමයි ළිද පොදු පරිහරණයට ගන්න එක.

        තව උදාහරණයක් ගමු. මේ දුපතේ මිනිස්සු හුගක් ඉන්නව. ඒත් මිනිහෙක් ඇවිත් දූපත වටේටම තියන වෙරළ මිලදී ගන්නව. ඊට පස්සේ කියනව කාටවත් වෙරළට එන්න තහනම් කියල. දැන් දූපතේ මිනිස්සු මොකද කරන්නෙ? පොල් කොළ වලින් ගුවන් යානයක් හදනවද?

        මේවා මේ අදහස ප්‍රකාශ කරන්න මං හදපු උදාහරණ. නමුත් මෙවැනි ඇත්ත දේ ලෝකෙ ඕන තරම් තියනව. උදාහරණයක් විදිහට අන්තර්ජාල පහසුකම් සපයන ව්‍යාපාරය ගත්තොත්, එහි Tier 1 එකේ තියෙන්නේ සමාගම් කිහිපයයි. ඔවුන් සමග සම්බන්ධ නොවී අන්තර්ජාල පහසුකම් සපයන්නෙක් වෙන්නත් බැහැ. මේ නිසා, නීති නැත්තම්, cartel එකක් හදන්න ඉතාම පහසුයි. එහෙම හදන්න ඕන තරම් උත්සහ කරලත් තීයනව. Monopolies, coordination problems, cartels, prisoner’s dilemma ආදී ඕන තරම් ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්න තියනව රජයක් වැනි බලය පාවිච්චි කළ හැකි පාර්ශ්වයකින් තොරව විසදිය නොහැකි. ඒ වගේම සමාජ විද්‍යාත්මක කරුණු තියනව බලය පාවිච්චි නොකර විසදන්න අමාරු. මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන එක ඒ වගේ දෙයක්.

        ජිම් ක්‍රොව් විවිධ ඉතාම පහත්, වර්ණභේදවාදී නීති ගෙනාව තමයි. ඒත් ජිම් ක්‍රොව් කියන්නෙ රජ කෙනෙක් නෙවෙයි. ඡන්දෙන් පත්වුනු කෙනෙක්. ජිම් ක්‍රොව් ඒ වගේ නීති ගෙනෙද්දී මිනිහට ඡන්ද දුන්න මිනිස්සු එහෙම කළේ ආතල් එකට නොවෙයි. ඒ ඔවුන් ඔහු හා එකග නිසා. ඒ නීතිය ඔවුන්ට අවශ්‍ය වූ නිසා. රජයකට පත් වෙන්නෙ ලෝකෙ කොහෙවත් නැති තක්කඩි නෙවෙයි. රජය සමාජයෙන් වෙන් වුනු සමාජයට විරුද්ධ කොහෙවත් නැති ආයතනක් නෙවෙයි. ජිම් ක්‍රොව් නිකන් ආතල් එකට නීති ගෙනාව නෙවෙයි. ඔහු කළේ සමාජයේ ඒ වෙනකොටත් තිබ්බ පහත් ආකල්ප වලට නීතිමට ආවරණයක් දුන්න එක.

        ඒ කොහම උනත් මොකද මේකයි 1964 සිවිල් පනතයි අතර තියන සම්බන්ධය. මොකද්ද මේ දෙක යා කරන තර්කය. මට පේන එකම තර්කය තමයි මේ දෙකෙන් එකක් ඉතාම පහත්, දෙකම ගෙනාවෙ රජය, ඒ නිසා දෙවෙනි එකත් අහක දැමියි යුතුයි කියල. මොකද්ද ඒ කතාව?

        ඒ සම්බන්ධයෙන් වැඩක් නැහැ කියමු. මොකද්ද මෙතන තියන තර්කය? ජිම් ක්‍රොව් දිගින් දිගටම තේර්‍ර පත් වුනා. ඔහුගේ නීතිවලට විරුද්ධව යම් යම් අය නඩු දැම්මත් ඔහු දිගින් දිගටම ඡන්දෙන් පත් වුනා. එතකොට මෙතන තර්කය මොකද්ද? දකුණේ මිනිස්සු බහුතරයක් ජිම් ක්‍රොව් නීතිවලට විරුද්ධ වුනත් දිගින් දිගටම ආතල් එකක් ලබාගනු පිණිස ඔහුට ඡන්දය දුන්නා කියලද?

        About the gay marriage thing, oh for gay people’s sake…

ප්‍රතිචාරයක් ලබාදෙන්න