අරුණි ශපීරෝ/කලු වහල් හිමිකරු- Aruni Shapiro/The Black Slave Owner

අරුණි ශපීරෝ මේ දින වල ඒබ්‍රහම් ලින්කන්ට විරුද්ධවත්, ඔහුගේ වහල් විරොධී යුද්ධයට විරුද්ධවත්, යුද්ධ ප්‍රකාශ කර තිබේ. ඒ පහත ලිපි දෙක හරහා.

  1. ලින්කන්ගේ යුද්ධය.
  2. යදම් ගැල වූ ජැන්ගෝ – ඩී සයිලන්ට් ය

පශ්චාත් නූතනවාදය ගැන මම මේ දින වල ලියන ලිපි මාලාව අතරමග මේ ගැන කෙටි ලිපියක් ලියන්න හිතුවේ ශපීරෝගේ මේ ලිපිවල තකතීරු භාවය නිසාය. 

මේ ලිපි දෙකේදී ශපීරෝ ලියන ප්‍රධාන කාරණා මෙසේය. ඒවාට මගේ ප්‍රතිචාරයත් ඒත් එක්කම මම දක්වනව.

කරුණ: ඇමෙරිකන් වහල් ඉතිහාසය හොලිවුඩ් මවාපාන තරම් කුරිරු වූයේ නැත.

ප්‍රතිචාරය: ශපීරෝටත් මේවගේ පොඩි කස පහරක් දීලා අහමුද දරුණු මදිද කියල?

  Cicatrices_de_flagellation_sur_un_esclave

කරුණ: 1861 දී, ඒබ්‍රහම් ලින්කන් දකුණු පළාත් වලට යුද්ධයක් ගෙන ගියේ වහලුන් බේරාගන්නට නොවේ. සිවිල් යුද්ධය ආරම්භ කරන්නට ප්‍රධාන හේතුව වුයේ යුනියනය නොහොත් ඇමෙරිකාව දෙකට කැඩී යාවී යන බියයි.

ප්‍රතිචාරය: ලින්කන් යුද්ධයට යන්න එකම හේතුව වහල් විරෝධය නෙවෙයි.ඒත් ඒක අනිවාර්යයෙන් එක හේතුවක්. 1850 ගණන්වලදී ඇමරිකාවේ තිබුණ දේශපාලනික උණුසුම් තත්වයට ප්‍රධානම හේතුව වහල් වෙළදාම.

ලින්කන් ඇතුලු උතුරු පාර්ශ්වයට මුල සිටම අවශ්‍යය වුනේ වහල් ක්‍රමය නවත්වන්න. ඒත් මුලදී ඔවුන් වහල් ක්‍රමය පැවතුන දකුණු ජනපද වලින් එය තුරන් කරන්න කෙළින්ම උත්සහ කළේ නැහැ. ඔවුන් මුලින්ම උත්සහ කළේ වහල් ක්‍රමය, වහල් ක්‍රමයක් නැති උතුරු ජනපද වලට පැතිරීම වැලැක්වීම. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වුනා ක්‍රමයෙන් අනිත් ජනපද වලත් වහල් ක්‍රමය නැති වෙලා යයි කියල.

1860 ඇමරිකානු ජනාධිපතිවරනයේ තරග කළේ ලින්කන් හා ස්ටීවන් ඒ. ඩග්ලස්. මේ ජනාධිපතිවරන විවාද වල ප්‍රධානම මාතෘකාව වුනේ වහල් ක්‍රමය. ලින්කන්ට  ඕන වුනා මධ්‍යම ආණ්ඩුවේ බලය යොදලා දැනට වහල් ක්‍රමය නැති ජනපද වලට වහල් ක්‍රමය පැතිරීම වැලැක්වීමට. ඩග්ලස්ගේ මතය වුනේ ජනපද යනු ස්වෙරී රාජ්‍යයන් බවත්, ජනපද වල කටයුතු වලට ඇගිලි ගැසීමට මධ්‍යම ආණ්ඩුවට අයිතියක් නැති බවත්. මේ ඡන්දෙන් ලින්කන් දින්නා. ඒත් ලින්කන් දිවුරුම් දෙන්නත් කළින්ම දකුණේ ජනපද හතක් පිහිටුවා ගත්තා  confedarcy එක. ඔවුන්ට ඕන වුනේ ඇමරිකන් යූනියනයෙන් මිදෙන්න.

අරුණි ශපීරෝ මුකුත් නොදන්න තොත්ත බබෙක් වගේ කියනව ලින්කන් යුද්ධෙට ගියේ වහලුන් බේරගන්න නෙවෙයි, යූනියනය බිද වැටීම වලක්වන්න කියල. යූනියනය බිද වැටෙන්න ප්‍රධාන හේතුව වහල් ක්‍රමය පිළිබද උතුරු දකුණු අදහස් නොගැලපීම කියල මේ කිරිසප්පයට අමතක වෙලා.

දැන් මේ යුද්ධය තිබ්බේ 1861 සිට 1865 අතර කාලයේ. 1863 දී තමයි ලින්කන් Emancipation Proclamation එක ඉදිරිපත් කළේ. ඒ හරහා ඔහු ප්‍රකාශ කළා දකුණු confedarcy ප්‍රාන්තවල වහලුනුත් සදහටම නිදහස් කියල. මේ හරහා ඔහු වහලුන් මුදවා ගැනීම යුද්ධයේ ප්‍රධාන අරමුණක් බවට පත් කළා. තොත්ත බබා කියන ආකාරයට මේක ලින්කන් අන්තිම කාළේ කරපු දෙයක් නෙවෙයි, යුද්ධයේ හරි මැදදි කරපු දෙයක්. ඔහුට ඒ දේ කරන්න පුලුවන් වුනේ ඒ වෙනකොට ඔහුගේ දේශපාලනය බලය අතිමහත් වුන නිසා. යුද්ධය හරහා ලින්කන් ඇමරිකන් ඉතිහාසයේ හිටපු බලවත්ම ජනාධිපතිවරයෙක් බවට පත් වුනා. මේ Emancipation Proclamation එක ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය පාස් කරපු පනතක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරල නිකුත් කරපු විධායක නියොගයක්. ඒ කාලේ කොන්ග්‍රස් එකේ මේ වගේ දෙයක් පාස් කරන්න පුලුවන් තත්වයක් තිබුනේ නැහැ. ලින්කන් මේක කළේ ඔහු මේ වෙනකොට යකඩ තරම් දේශපාලනිකව ශක්තිමත් නිසා.

කරුණ: ලින්කන් ඉක්මන් වුනා වැඩියි කියලයි මා හිතන්නෙ. සිවිල් යුද්ධයේ මිනිස් ඝාතනයකින් නොව නිදහස් වෙළඳපොල ක්‍රියාමාර්ගයට ඉඩ දුන්නා නම් තිරසාර නිවහල් බව, කළු අයට විතරක් නෙමෙයි සියළු පුරවැසියන්ට ලැබෙන්නට තිබූ මාර්ගය, බදු එකතු කරන ෆෙඩරල් ආණ්ඩුව අතට බලය වැඩිවීමෙන් තවත් කාලයක් යන තුරු ප්‍රමාද වූවා යන අදහස් ඇති අයටයි මා අයිති වෙන්නේ.

ප්‍රතිචාරය: මේක තමයි හොදම විහිලුව. ඔව්, ලින්කන් ෆෙඩරල් බලය වැඩි කලා තමයි. ඒත් මේ තොත්ත බබාට නොතේරෙන දේවල් දෙකක් තියනව. එකක් තමයි ලින්කන් එහෙම නොකළා නම් ෆෙඩරල් ආණ්ඩුවේ බලය අඩුවුනාට ජනපද ආණ්ඩුවල බලය වැඩි වෙනව. ශපීරෝගේ ප්‍රශ්නය පුද්ගල නිදහස හා රාජ්‍යය බලය අතර ප්‍රශ්නය නම් ෆෙඩරල් ආණ්ඩුව බලවත් උනත් එකයි, ජනපද ආණ්ඩු බලවත් උනත් එකයි. දෙකම පුද්ගල නිදහස අඩු කරනව.

දෙවෙනි කරුණ තමයි ඉතා වැදගත්ම කරුණ. කීයටවත් නිදහස් වෙළදපලවත්, ධනවාදයවත් ආර්ථික ක්‍රියාවලියක් හරහා වහල් ක්‍රමය නවත්වන් නැහැ. ඇයට අමතක ඇති ඇයි දකුණු ජනපද වලට වහල් ක්‍රමය දිගටම පවත්වගෙන යන්න වුවමනා වුනේ කියල. මං මතක් කරන්නම්. මේ ජනපද වල ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම යැපුනේ කපු කර්මාන්තය හරහා. මේ කපු කර්මාන්තශාලා වල වැඩ කළේ වහලුන්. නොමිලේ ශ්‍රමය ලැබෙන කොට කර්මාන්තය පවත්වගෙන යාම ලේසියි, ලාභයි. දකුණු ජනපද සුද්ධන්ට ඕන වුනේ මෙන්න මේ ආර්ථික වාසිය පවත්වාගෙන යාම.

බැරිවෙලාවත් කපු කර්මාන්තය කඩාගෙන වැටුනත් ආර්ථික හේතුමත වහල් ක්‍රමය නවතින්නැහැ. මොකද ඔවුන් වෙන කර්මාන්තයක් පටන් ගනියි. ඒ කර්මාන්තයෙත් නොමිලේ ශ්‍රමය ලබාගන්න පුද්ගලයට එසේ ලබා නොගන්න පුද්ගලයට සාපේක්ෂව නිෂ්පාදන වාසියක් ලැබෙනව. ඉතින් මේ ක්‍රමය දිගටම පවතිනව.

හැබැයි ධනවාදය හා නිදහස් වෙළදපල ආර්ථික නොවන හේතු මත වහල් ක්‍රමය නැති කළා. ලින්කන් වහල් ක්‍රමයට විරුද්ධ වුනේ ධනවාදී ආර්ථිකය උගත්, වහල් ක්‍රමයට එරෙහි වෙන්න තරම් දියුණු ජනතාවක් ඇතිකරල තිබුන නිසා. ඒ වෙලාවේ ලින්කන් යුද්ධෙන් පැරදුනා නම් එක්කො අදටත් වහල් ක්‍රමය තියෙනව, නැත්තම් දකුණ තුළ තවත් යුද්ධයක් ඇතිවෙලා වහල් ක්‍රමය නැති කරලා දමයි.

අරුණි ශපීරෝගේ බංකොලොත් දර්ශනය නිසා ඇය විශ්වාස කරන දේවල් වල හැටි බලන්න.

Advertisements

5 thoughts on “අරුණි ශපීරෝ/කලු වහල් හිමිකරු- Aruni Shapiro/The Black Slave Owner

  1. අරුණි ශපීරෝ අපේ අනුකම්පාවට භාජනය විය යුතු චරිතයකැයි මම සිතමි.

    ස්ටාලින් බලයට පත් වූ නිසාම උගෙන, ඇමෙරිකාවට යන අයින් රෑන්ඩ්ට ස්ටාලින්ගේ රුසියාවට සාපේක්ෂව ඇමෙරිකාව “මාර” වේ. අරුණි ශපීරෝගේ කතාවද මීට සමානය.

    ලංකාවේ ඇගේ පවුල බරපතල ලෙස කැඩී යයි. ඇයම කියන පරිදි ඇය දිවි ගෙවන්නට මුදල් උපයා ගන්නේ පවා දැඩි අසීරුවෙනි. විදේශිකයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන, ලැබෙන පළමු අවස්ථාවම ප්‍රයෝජනයට ගන්නා ඇය ඒ කටුක ජීවිතය නිමාකොට ඇමෙරිකාවට යයි. බලාපොරොත්තු වූ ලෙසින්ම ඇමෙරිකාව ඇයට “මාර” වේ. ආන්තික ලෙස ඇමෙරිකාව කරන සියල්ල සාධාරණීකරණය කිරීමට ඇය පටන් ගන්නේ මේ මානසිකත්වය උඩය සිතමි. එය ඇගේ පැත්තෙන් වැරදි නැත. තමන්ගේ කටුක ජීවිතය නිමා කොට අළුත් ප්‍රසන්න ජීවිතයක් උදා කරගන්නට උදව් දුන් තමන්ගේ දෙවන මව් රටට ඇය අසීමිත ලෙස ආදරය කරයි. (එසේම ඇයට කටුක ජීවිතයක් උරුම කොට දුන් පළමු මව් රට වන ලංකාවට ද්වේශ කරයි.)

    දැන් අරුණි “හූ හූ මම නම් පැණ ගත්තා. උඹලා තාම වළේ” කිය කියා ලංකාවේ සියල්ලන්ට ඔච්චම් කරයි. සමහරවිට ඇය සිතා සිටින්නේ ලංකාවේ සියළු දෙනා ඇය එකල ගෙවූ ජීවිතය සේ කටුක ජීවිතයක් ගත කරන බව විය හැකිය. මෙය බොළඳ කල්පනාවක් බව කිව යුතු නැත.

    ඇය ඇමෙරිකාව ගැන කියන කිසිවක් එතරම් ගණන් නොගත යුත්තේ ඒ සියල්ල සරල ඇව්ඩර්ටීස්ට්මන්ට් පමණක් වන නිසාය. ඇමෙරිකාව නරක රටක් නොවේ. ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව හොඳ රටකි. එහෙත් ඔය කියන තරම් තව්තිසාවක්ද නොවේ. ඇමෙරිකාව වහලුන්ට සැලකූ ආකාරය Roots වැනි පොත් වල මනාව විස්තර වේ. Roots පොතක් ලෙස එළි දුටුවේ චිත්‍රපටයක් වීමට බොහෝ පෙරය. වාද කරනවා නම් ඒ පොතේ එන කරුණු ගැන වාදය වඩා යහපත්ය.

    1. මම නම් අරුණි ශපිරෝ කියන්නෙ කාගෙ කව්ද, කින්ද මන්ද විස්තර දන්නේ නැහැ. මම ඇගේ බ්ලොගය කියවල තියනව පමණයි. ඒ නිසා ඔය ඇමරිකන් පිස්සුවට එහෙම පෞද්ගලික හේතුවක් තියනවනම් ඒ ගැන මම දන්නෙ නැහැ. එහෙම දෙයක් තිබ්බත් ඒ ගැන කියන එක අසාධාරණයි කියල මම හිතන්නේ. මොකද අපි හැමෝටම විවිධ දේවල් විශ්වාස කරන්න විවිධ හේතු තියනව. ඒ හේතු මොනව වුනත් වඩා වැදගත් ඒ විශ්වාස තර්කානුකූලව සාධාරණීකරනය කරන්න පුලුවන්ද කියන එක.

      මගේ අනුමානය වුනේ ඇය දෘෂ්ඨිවාදයක් විසින් අන්ධ කරණු ලැබ තිබීම. මේක ඇය විතරක් කරන දෙයකුත් නෙවෙයි. හුගක් මාක්ස්වාදින්, සමාජවාදින්, ලිබරල්වාදින් පවා තම දෘෂ්ඨිවාද විශ්වාස කරන්නේ ආගමික විශ්වාසයක් වගේ. දෘෂ්ඨිවාදයක් හරහා ලෝකය දිහා බලන් නැතුව, කරුණෙන් කරුණ වෙන වෙනම ගෙන සලකා බලන අය අඩුයි.

      කෙසේ නමුත් ඇය ලින්කන්ට ගරහන්න හේතුව හිතාගන්න අමාරු නැහැ. ශපීරෝට ඕන රාජ්‍යය බලය නැත්තටම වගේ නැති කරල දාන්න. ඒකේ වැරැදදක් නැහැ. මමත් හිතන්නේ රජය හැකිතාක් බලවත් අඩුවෙන එක හොදයි කියල. නමුත් ඇය කරන වැරැද්ද තමයි ලෝක ඉතිහාසයේ එකපාරක්වත් රජ්‍යය මැදිහත් වීමක් හරහා හොදක් වුනේ නැහැ කියල සිතීම. ලින්කන් බරපතල විදිහට තමන්ගේ බලය වැඩි කරගත්තා. නීති මගින්ම නෙවෙයි, සමාජ පරිවර්තනයක් හරහා. ඔහු ඒ බලය යොදාගත්තා වහල් ක්‍රමය නැති කරල දාන්න. ඒකේ හොද පැත්තක් වගේම නරක පැත්තක් තියනව. ශපීරෝ නරක පැත්ත උලුප්පල දක්වන අතර හොද පැත්තක් නැහැ කියන්න උත්සහ කරනව. මොකද ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව රාජ්‍යය මැදිහත් වීමක් හරහා එහෙම හොදක් වෙන්න බැහැ නෙ.

      1. එකඟයි. නමුත් මේ බාහිර විස්තර දැන සිටීම මත ඇය කියන දේ ගැන කෝප නොවී අනුකම්පාවෙන් ඇය දෙස බැලීමට අපට හැකි වේ.

  2. අරුණි ශපීරෝට බැරි නම් ගෝලයා ලවා වත් මේවාට උත්තර දෙනවා නම් යම් සංවාදයක් ඇතිවේවි. එසේ නොවන්නේ නම් ඉතින් අරුණි ශපීරෝගේ හිස් බව අපට පිළි ගන්න වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )