පිස්සු හරක්

ඉන්ද්රරතන නම් හාමුදුරුනමක් ගව ඝාතනයට හා බෞද්ධාගමිකයන් වෙනත් ආගම් වලට හරවා ගැනීමටත් විරුද්ධව තමන්ගෙ සිරුරට වෙසක් දවසේ ගිනි තබාගෙන රෝහලේ දී මිය ගිය කතාව මේ වෙනකොට ප්රසිද්ධ ප්රවෘත්තියක්. මේත් එක්කම විමල් වීරවංශ හා සිංහල රාවය සංවිධානය දැන්වත් ගව ඝාතනය නවත්වන්න කියල සද්දයක් දාන එකත් ප්රසිද්ධ කරුණක්.
මිනිස්සු සිය දිවි නසාගන්නවට මගේ විරුද්ධත්වයක් නැහැ. මිනිහෙක් මැරෙනවාට කැමති නැති උනත්, මැරෙන්න යන මිනිහෙක් බේරගන්න උත්සහ කළත් සියදිවි නසාගන්න එක වැරද්දක් විදිහට මම දකින්නැහැ. ජීවිතයේ සමහර අවස්ථාවන් එන්න පුලුවන් ප්රශ්න වලින් ගැලවෙන්න තියන එකම ක්රමය ජීවිතය අතඇරලා දාන එක වෙන. අන්ත දුකින් ජීවත් වෙන මනුස්සයෙක් තමන්ගේ ළග අය වෙනුවෙන් කොහමහරි ඒ දුක දරාගෙන ජීවත් වෙන්න ඕන වගේ කතා අසාධාරණයි. ඒ වගේම සියදිවි නසාගන්න එක පාපයක් කියල හිතන එක මෝඩකමක් (මට අනුව ).

ඒත් මනුස්සයෙක් දේශපාලන ප්රකාශනයක් විදිහට සියදිවි නසාගනිද්දි අහන්න ඕන ප්රශ්නයක් තියනව. ඒ තමයි එම ක්රියාව ඒ මනුස්සයගේ අනිත් විශ්වාස වලට අනුකූලයි ද පටහැනියිද කියන එක. මේ පණ නහගත්තේ ස්වාමින්වහන්සේ නමක්. බෞද්ධ විශ්වාසයන්ට අනුව සියදිවි නසාගැනීම පාපයක්. එක මිනිහෙක් මරල මිනිස්සු සීයක් බේරගන්න පුලුවන් උනත් බෞද්ධ විශ්වාසයට අනුව ඒ එක මිනිහා මැරීම පාපයක්. ඉතින් තමන්ගේ විශ්වාසයන්ට අනුව දැන දැනම වැරදි දෙයක් කරන මනුස්සයෙක් ගැන මොනවද අපි හිතන්න ඕන?

ඊට වඩා වැදගත් ප්රශ්නේ තමයි මිනිස්සු මේ සිද්ධිය පාවිච්චි කරන්නෙ මොනවටද කියන එක. විමල් විරවංශ හා සිංහල රාවය ගව ඝාතනයට විරුද්ධව කතා කරනව. ඒත් කාටද හිතන්න පුලුවන් මේ මිනිස්සු මේ කෑගහන්නේ සත්ව කරුණාවෙන්ද කියන එක. ගව ඝාතනයට විරුද්ධ වෙනෙ එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒත් ඒ විරුද්ධ වෙන මිනිස්සු විරුද්ධ වෙන්නේ කුමන අරමුණකින්ද කියන එක ඉතා වැදගත්. මෙතන ප්රශ්නේ සත්ව හිංසනය නම් මාළු මරණ එකත් සත්ව හිංසනයක්. ඒ වගේම අලි ඇතුන්ව පෙරහැරේ අරන් යන එකත් සත්ව හිංසනයක්. ඒත් ඌරන් මරණ එක මතකවත් නැති මේ මිනිස්සු ඇයි ගව ඝාතනයට විරුද්ධ මෙච්චර කෑගහන්නේ? මේ කෑගහන්නෙ සත්ව කරුණාවෙන් කියල හිතන්න පුලුවන් ඔලමොට්ටලයෙක්ට විතරයි.

ඒ කොහම උනත් ගව ඝාතනය වැරදියි තමයි. නමුත් ඒක නවත්වනවනම් ඒක කරන්න ඕන මනුස්සයෙක් ගිනි තබාගත්ත හින්දවත්, තක්කඩි සංවිධානයක් කෑ ගහන නිසාවත් නෙවෙයි.
මේත් එක්කම මතක් කරන්න ඕන තව කාරණයක් තියනව. ඒ තමයි මේ වෙනකොට මේ ගිනි ගැනීමේ සිද්ධිය රූපගත කරපු ස්වර්ණාවාහිනි කැමරා ශිල්පියාව රහස් පොලීසියෙන් ප්රශ්න කරල තියනව. ගොන්කම් වලත් සීමාවක් තියෙන්න ඕන. ඔය සිද්ධිය වෙද්දි ඒ වටේටම ඕන තරම් මිනිස්සු හිටියා. ඔවුන්ගෙන් කුඩා කොටසක් විතරයි ගින්න නිවන්න උදව් වුනේ. ඒත් විඩියෝ කරපු මිනිහා විතරයි අල්ලන් ගිහින් ප්රශ්න කරන්නේ. මෙහෙම කරන්න එකම හේතුව දෙරණ ටීවී එක මේක ගැන කිය කිය කෑගහපු එකත්, මෝඩ දේශපාලකයෙක් මිනිහව අල්ලගන්න කියල කෑගහපු එකත්. මේකෙන් පේන දේ තමයි මේ රටේ තියන එකම ප්රශ්නේ නීතියක් නැතිකම විතරක් නෙවෙයි, නීතිය ක්රියාත්මක කරද්දි කරන මෝඩකමුත් ලොකු ප්රශ්නයක්.

Advertisements

අරුණි ශපීරො සහ රැන්ඩ් පෝල් 2016

අරුණි ශපීරෝට තවත් කරගන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමන්ගේ කලු හම සුදු කරගන්න එක. කළින් වහල් ක්‍රමයට එරෙහිව රාජ්‍යය බලය යොදවනවාට විරුද්ධ වුන අරුණි ගේ බ්ලොගයේ දකුණු පැත්තේ දැන් ගහල තියනව Rand Paul 2016 කියල. පේන විදිහට අරුණිට අනුව 2016 රිපබ්ලිකන් ජනාධිපතිව අපේක්ෂකයා විය යුත්තේ රැන්ඩ් පෝල්. රැන්ඩ් පෝල්, අරුණිගේ දේව මෑණියන් වන අයින් රැන්ඩ් ට සමාන වෙන්නේ නමින් විතරක් නෙවෙයි. දරන තකතීරු අදහසුත් එක වගේ.

රැන්ඩ් පෝල් ඇමරිකාවේ 1964 සිවිල් අයිතිවාසිකම් පනත නොහොත් Civil Rights Act of 1964 වලට විරුද්ධයි. මේක ඇමරිකන් ඉතිහාසය වෙනස් කරපු ඉතා දැවැන්ත පනතක්. කලු මිනිස්සුන්ට සුඩු මිනිස්සු සමග එකම විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ මේ හරහා. සේවායෝජකයන්ට සේවකයන් බදවා ගැනීමේදී ජාතිය, වර්ණය, ආගම, ලිංගය ආදී දේ මත පදනම්ව වෙනස්කම් කරන්න තහනම් වුනේ මේ හරහා. කොටින්ම ආපන ශාලා වල සුදු හ කලු මිනිස්සුන්ට වෙන වෙනම පොළිම් දෙකක් සෑදීම තහනම් කළේ මේ හරහා.

ඒත් රැන්ඩ් පෝල් මේ එකක් වත් වැඩක් නැහැ. ඔහුට වැදගත් තමන්ගේ සුරුට්ටු බිම්හල තමන්ට ඕන ලෙස පවත්වාගෙන යෑම. ඔහු කියනව මෙහෙම,

 There are things that people were concerned about that were unintended consequences [of the Civil Rights Act], for example, people who believe very fervently in people having equal protection under the law, and are against segregation and all that, still worried about the loss of property rights…for example, I can’t have a cigar bar any more, and you say, “well, that has nothing to do with race” — the idea of whether or not you control your property, it also tells you, come in here I want to know the calorie count on that, and the calorie Nazis come in here and tell me. […] The point is that its not all about that. It’s not all about race relations, it’s about controlling property, ultimately.

ඉතින් මේ මනුස්සයා ජනාධිපති වෙලා හිටියානම් මෙලහකට අරුණි ශපීරෝ ඇමරිකාවේ ආපනශාලා වල කල්ලන්ගෙ පෝළිමේ හිටගෙන ඉන්නව. 

කොහම වුනත් රැන්ඩ් පෝල් ගේ මේ අන්තවාදී අදහසට ආපු දැඩි විරෝධය හමුවේ ඔහු ප්‍රකාශයක් කළා සිවිල් අයිතිවාසිකම් පනත ඉවත් කරන්න උත්සහ කරන ව්‍යාපාරයකට ඔහු සහයෝගය දෙන්නෙ නැහැ කියල.

“I have clearly stated in prior interviews that I abhor racial discrimination and would have worked to end segregation,” Paul said in the statement. “Even though this matter was settled when I was 2, and no serious people are seeking to revisit it except to score cheap political points, I unequivocally state that I will not support any efforts to repeal the Civil Rights Act of 1964.”

“Let me be clear: I support the Civil Rights Act because I overwhelmingly agree with the intent of the legislation, which was to stop discrimination in the public sphere and halt the abhorrent practice of segregation and Jim Crow laws.”

ඉතින් මිනිහා 2016 ජනාධිපති වුනොත් ශපීරෝට සුද්දන්ගේ පොළිමේ ඉදන් කන්න ගන්න හම්බ වෙයි. එත් මිනිහා 64 ජනාධිපති වෙලා හිටියනම් අරුණි කල්ලන්ගේ පෝළිමේ. හැබැයි ඒකත් විශ්වාස නැහැ. මොකද මිනිහා සිවිල් අයිතිවාසිකම් පනතට කැමැති ඒක රාජ්‍යය අංශයේ ජාතිවාදී වෙනස්කම් වලට විරුද්ධ වුන නිසා. පුද්ගලික සමාගමක් එවැනි වෙනස්කම් කරනවනම් ඊට විරුද්ධ වෙන්න රජයට අයිතියක් නැහැ කියලයි ඔහු හිතන්නෙ. ඔහුගෙන් MSNBC වාර්තාකාරයෙක් මේ පුද්ගලික සමාගම් වලින් කරන වෙනස්කම් ගැන ඇහුවාම ඔහු ප්‍රශ්නය මග ඇරියා.

“Should we limit speech from people we find abhorrent?” Paul asked. “Should we limit racists from speaking? I don’t want to be associated with those people, but I also don’t want to limit their speech in any way, in the sense that we tolerate boorish and uncivilized behavior because that’s one of the things that freedom requires… that we allow people to be boorish and uncivilized, but that doesn’t mean we approve of it.”

Oops. අරුණි ආපහු කල්ලන්ගේ පෝළිමට වැටිල. 

මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මේකයි. මොවුන් යම් කිසි දෘෂ්ඨිවාදයක් විශ්වාස කරනවා. ඒක කොච්චර තදින් ඔවුන් විශ්වාස කරනවාද කිව්වොත් ඔවුන් හිතනවා ලෝකය ඒ දෘෂ්ඨිවාදයට පිටින් වැඩ කරන්නේ නැහැ කියල. ඕනම දෘෂ්ඨිවාදයක ප්‍රශ්න තියනව. මිනිස්සුට තියන ප්‍රශ්න ඔක්කටම උත්තර එකම විසදුමකින් දෙන්න අමාරුයි. ඒක් තේරුම් නොගන්න එකයි මොවුන්ගේ ප්‍රශ්නෙ.

පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 6 කොටස – පශ්චාත් නූතනවාදී ඥාණවිභාගය

අපි මේ වෙනකොට බටහිර දේශපාන දර්ශනයේ එක්දහස්  හයසිය ගණන් වල සිට එක්දහස් නවසිය පනහ දශකය දක්වා ඉතිහාසය පිළිබදව කතා කරල තියනව. කළින් කිව්ව පරිදි එක්දහස් නවසිය පනහ දශකය වෙනකොට මාක්ස්වාදයත් සමාජවාදයත් න්‍යායාත්මකවත්, ප්‍රායෝගිකවත් දැඩි අර්බුදයක සිටියේ. පශ්චාත් නූතනවාදය එක් දහස් නවසිය පනස් ගණන් වලදි ඇති වුනේ මේ අර්බුදයෙන් වම බේරගන්න ප්‍රයත්නයක් වශයෙන්. ඔවුන් මේ උත්සහය කරපු ආකාරය අපි දැන් කතා කරමු.

පශ්චාත් නූතනවාදී ඥාණවිභාගයේ හරයේ තියෙන්නේ භාෂාව. නීතිය, විද්‍යාව, දේශපානය, සාහිත්‍යය වගේ දේවල් ගැන කතා කරද්දි පශ්චාත් නූතනවාදින් හා නූතනවාදින් අතර වෙනස තියෙන්නේ ඒ ඒ වස්තු විෂයයන් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. ඒ වස්තු විෂයයන් පිළිබදව සාකච්ඡා කරන ක්‍රමවේදය සම්බන්ධයෙනුත් ඔවුන් වෙනස් මත දරනව.

ඥාණවිභාගයේදී භාෂාව සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක් තියනව. ඒ තමයි භාෂාවත් යතාර්ථයත් අතර සම්බන්ධය මොකද්ද කියන එක. අනෙක් ප්‍රශ්නය තමයි භාෂාවත් ක්‍රියාකාරකමුත් අතර සම්බන්ධය මොකද්ද කියන එක. භාෂාව පිළිබද ඥාණවිභාගයේදී මතු කරන ප්‍රශ්න ඥාණවිභාග විඤ්ඤාණය පිළිබදව අසන ප්‍රශ්නවලින් උප කොටසක්. විඤ්ඤාණයත් යතාර්ථයත් අතර සම්බන්ධය කුමක්ද, විඤ්ඤාණයත් ක්‍රියාකාරකමුත් අතර සම්බන්ධය මොකද්ද කියන එක ඥාණවිභාගයේ ඉතා වැදගත් ප්‍රශ්න දෙකක්. මේ සම්බන්ධයෙන් නූතනවාදී මතයත්, පශ්චාත් නූතනවාදී මතයත් අතර විශාල වෙනසක් තියනව.

නූතන යතාර්ථවාදියෙක්ට අනුව විඤ්ඤාණය ඥාණාත්මකයි වගේම කෘත්‍යාත්මකයි. එනම්, විඤ්ඤාණයේ ප්‍රධානම කාර්යභාරය තමයි යතාර්ථය පිළිබද දැනුමක් ලබාදීම. එහි අනෙක් කාර්යභාරය තමයි යතාර්ථය පිළිබද ඒ දැනුම යතාර්ථය තුළ ක්‍රියාකාරකම් වලට පරිවර්තනය කිරීම.

අනෙක් අතට පශ්චාත් නූතනවාදින්ට අනුව යතාර්ථයක් කියල දෙයක් නැහැ. ඒ නිසා විඤ්ඤණයට බැහැ යතාර්ථය පිළිබද දැනුමක් ලබා දෙන්න. ඒ අනුව විඤ්ඤාණය ඥාණාත්මක  නැහැ. නමුත් එය කෘත්‍යාත්මකයි. එනම් එය ක්‍රියාකාරකම් වලට පොළබවනව. ඒ අනුව ක්‍රියාකාරකමුත්, යථාර්තයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ.

නූතනවාදින්ට අනුව වචන වලට වෙස්මුහුණක් තියනව. එනම් යම් යම් අවස්ථාවලදී  වචන වල තේරුම් වචනානුසාරයෙන්ම නොගත යුතුයි හා වචන හැමවිටම පරිසිද්ධීන් (facts) ගැන කියනව කියල නොසිතිය යුතුයි කියල. මිනිස්සු සමහර අවස්ථාවලදී ව්‍යංගාර්ථයෙන් කතා කරනව. ඒත් එක්කම සමහර අවස්ථාවලදී අමූලික බොරු කියනව. සමහර වාක්‍යය වලට විවිධ මට්ටම් වලදී විවිධ තේරුම් තියනව. ඉතින් නූතන්වාදින්ට අනුව වචන වල අර්ථය පහදනව කියල කියන්නේ වචනවල සැබෑ තේරුම යතාර්ථයට සාපෙක්ෂව වටහා ගැනීම. මේ අනුව නූතනවාදින්ට අනුව වචනවල අර්ථය පහදනව කියන්නේ ඥාණාත්මක, යතාර්ථය වටහා ගැනීම අරමුණු කරගත්ත දෙයක්.

අනෙක් අතට පශ්චාත් නූතනවාදින්ට අනුව වචනවල අර්ථය පැහැදිලි කිරීම කවදාවත් යතාර්ථයෙන් අවසන් වෙන්නෙ නැහැ. භාෂාව සම්බන්ධවෙන්නේ භාෂාවටම පමණයි. කවදාවත් එය භාෂාවෙන් පිට වාස්තවික යතාර්ථයක්ට සම්බන්ධ වෙන්නේ නැහැ. ඩෙරීඩාට අනුව අපිට කවදාවත් භාෂාවෙන් පිට යන්න බැහැ. භාෂාවට භාෂවෙන් පිට භාෂාමය නොවන යතාර්ථයක් නැහැ. ඒ අනුව ඇත්ත හෝ බොරුව කියල දෙයකුත් නැහැ. යම් වාක්‍යයක් බොරුයි කියල නූතනවාදින්ට කියන්න පුලුවන් ඒ වාක්‍යයට සමපාත නොවන යතාර්ථයක් තියනව කියල ඔවුන් හිතන නිසා. පශ්චාත් නූතනවාදින්ට මෙවැනි යතාර්ථයක් නැති නිසාත්, භාෂාව සම්බන්ධ වෙන්නෙ භාෂාවටම පමණක් නිසාත් වාක්‍යයක් ඇත්ත හෝ බොරුයි කියන්න ක්‍රමයක් නැහැ.

පශ්චාත් නූතනවාදින් ඩීකන්ස්ට්‍රක්ෂන් නමින් හදුන්වන ක්‍රියාවලිය මේ අනුව කෙළවරක් නැති ක්‍රියාවලියක්. ඩීකන්ස්ට්‍රක්ෂන් කියන්නේ පශ්චාත් නූතනවාදින්ගේ වචනවල අර්ථය පැහැදිලි කරන ක්‍රියාවලිය. භාෂාවේ යම් කිසි කොටසක වෙස් මුහුණ ගැලෙව්වත් ඊට පිටිපස්සෙන් තියෙන්නේ යතාර්ථයක් නෙවෙයි, භාෂාවේම තවත් කොටසක්. ඒකෙත් වෙස් මුහුණ ගැලෙව්වාම තියෙන්නේ භාෂාවේම තවත් කොටසක්. මේ විදිහට කවදාවත් යතාර්ථයකට ළගාවෙන්න බැහැ. ඒ අනුව පශ්චාත් නූතනවාදින් කියනව නූතනවාදින් කියන ආකාරයට භාෂාව යතාර්ථය පෙන්නුම් කරන්නේ නැහැ කියල. භාෂාව කියන්නේ වෙස් මුහුණු ගොඩක්. ඊට පිටිපස්සෙන් ඇත්ත මුහුණක් නැහැ.

මේ නිසා පශ්චාත් නූතනවාදින් තම මතයට විරුද්ධ මත පරාජය කරන්න උත්සහ කරන්නේ ඊට එරෙහිව තර්කානුකූලව කරුණු දක්වලා නෙවෙයි. තර්කයෙන් ඔවුන්ට වැඩක් නැහැ. යතාර්ථයෙන් ඔවුන්ට වැඩක් නැහැ. වඩා වැදගත් හැකිතාක් ආකර්ෂණීය ලෙස තම මතය ප්‍රකාශ කිරීම. මේ නිසා තමයි පශ්චත් නූතන්වාදී ලිපි ලේඛන හරසුන් ඒවා වෙන්නේ. ඔවුන්ටම අනුව හරයක් කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ, මොකද භාෂාවෙන් ඇත්තක් ප්‍රකාශ කරන්න බැරි නිසා. ඔවුන්ගේ ලිපි ලේඛන අතාර්කික හරසුන් දේවල්. මොකද ඔවුන්ටම අනුව වඩා වැදගත් ආකර්ෂණීයකම. මේ නිසාම හුගක් පශ්චාත් නූතනවාදින් ලිපි ඔවුන් අකමැති දේවල් ගැන කැත විදිහට කතා කරනව. උදාහරණයක් විදිහට ඇන්ඩ්‍රියා ඩ්වොර්කින් නම් පශ්චාත් නූතනවාදිනියට අනුව සියලු සමලිංගික නොවන පිරිමි ස්ත්‍රී දූෂකයන්. 

ඔබ මේ ලිපි පෙළ දිගටම කියව්වා නම් දැනටමත් ඔබට තේරෙනව ඇති මොවුන් මේ අර අදින්නේ මොකටද කියල. ශත වර්ෂ දෙකක් තිස්සේ සමාජවාදින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කළා. මුලින්ම ඔවුන් බලාගෙන හිටියා සමාජයේ පහළ පන්තීන් පවතින ක්‍රමය ගැන කළ කිරිලා විප්ලවයක් කරනකම්. ඒක හරි නොයනකොට ඔවුන් බලාපොරොත්තු වුනා සමාජයේ ඉහළ මට්ටමේ ඉන්න විද්වතුන් පිරිසක් පහළ පන්තියට නායකත්වය දීලා විප්ලවයක් කරලා සමාජවාදී රාජ්‍යය ඇති කරයි කියල. රුසියාව, චීනය වගේ රටවල මෙවැනි විප්ලව ඇති වුනත් ඇති වුනේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච සමාජවාදයක් නෙවෙයි. හැදිච්ච රටවල් අසාර්ථක රාජ්‍යයන් බවට පත් වුනා. ඔවුන් මුලින් බලාපොරොත්තු වුනා ධනවාදය තමන්වම විනාශ කරගනියි කියල. ඒක හරි නොයනකොට ඔවුන් සාමකාමි ලෙස එය පෙරළා දමන්න උත්සහ කළා. ඒකත් හරි නොයන කොට ඔවුන් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කළා.

නමුත් ඒ මොනවා කළත් ධනවාදය සාර්ථකව දිගටම ඉදිරියට ගමන් කළ අතර සමාජවාදය දිගින් දිගටම අසාර්ථක වුනා. තර්ක හා සාක්ෂි කියන දෙකම තියෙන්නේ සමාජවාදයට එරෙහිව.

ඉතින් තර්කය හා සාක්ෂි කියන දෙකම තියෙන්නේ තමන්ට විරුද්ධවනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි තර්කය හා සාක්ෂි කියන දෙකම පිළි නොගෙන ඉන්න එක. පශ්චාත් නූතනවාදී සැලැස්ම එයයි. ඔවුන්ගේ දැක්මට අනුව වාස්තවික යතාර්ථයක් කියල දෙයක් නැහැ. විඤ්ඤාණය කවදාවත් යතාර්ථයක් ගැන දැන ගන්නේ නැහැ. භාෂාව සම්බන්ධ භාෂාවටම පමණයි. කවදාවත් යතාර්ථයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත බොරුව කියල දෙකක් නැහැ. තියෙන්නේ වාගාලංකාරය පමණයි. ඒ නිසාම තර්කය, සාක්ෂි ආදියෙනුත් වැඩක් නැහැ.

පශ්චාත් නූතනාවදයට හරයක් තියනවනම්, මේක තමයි ඒකෙ හරය. එනම්, ඔවුන්ට අනුව තර්කය, සාක්ෂි, විද්‍යාව ආදියෙන් වැඩක් නැහැ. ඇත්ත බොරුව කියල දෙයක් නැහැ. තර්කානුකූල, සාක්ෂි වලට අනුව බැලුවොත් සමාජවාදය අන්තිම අසාර්ථකයි. නමුත් තර්කයෙන් සාක්ෂි වලින් අපට වැඩක් නැහැ. ඇත්ත බොරුව කියල දෙයක් නැහැ. ඒ නිසා සමාජවාදය අසාර්ථයකයි කියන අදහසේ කිසි ඇත්තක් නැහැ.

පශ්චාත් නූතනවාදයේ තව අදහස් තිබුනත් මේක තමයි වැදගත්ම අදහස. පශ්චාත් නූතනවාදි අනෙක් අදහස් යම් ප්‍රමාණයක් පිළිබදව ඊළග ලිපියෙන් සලකා බලමු.

 

අපි මේ වෙනකොට බටහිර දේශපාන දර්ශනයේ එක්දහස්  හයසිය ගණන් වල සිට එක්දහස් නවසිය පනහ දශකය දක්වා ඉතිහාසය පිළිබදව කතා කරල තියනව. කළින් කිව්ව පරිදි එක්දහස් නවසිය පනහ දශකය වෙනකොට මාක්ස්වාදයත් සමාජවාදයත් න්‍යායාත්මකවත්, ප්‍රායෝගිකවත් දැඩි අර්බුදයක සිටියේ. පශ්චාත් නූතනවාදය එක් දහස් නවසිය පනස් ගණන් වලදි ඇති වුනේ මේ අර්බුදයෙන් වම බේරගන්න ප්‍රයත්නයක් වශයෙන්. ඔවුන් මේ උත්සහය කරපු ආකාරය අපි දැන් කතා කරමු.

පශ්චාත් නූතනවාදී ඥාණවිභාගයේ හරයේ තියෙන්නේ භාෂාව. නීතිය, විද්‍යාව, දේශපානය, සාහිත්‍යය වගේ දේවල් ගැන කතා කරද්දි පශ්චාත් නූතනවාදින් හා නූතනවාදින් අතර වෙනස තියෙන්නේ ඒ ඒ වස්තු විෂයයන් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. ඒ වස්තු විෂයයන් පිළිබදව සාකච්ඡා කරන ක්‍රමවේදය සම්බන්ධයෙනුත් ඔවුන් වෙනස් මත දරනව.

ඥාණවිභාගයේදී භාෂාව සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක් තියනව. ඒ තමයි භාෂාවත් යතාර්ථයත් අතර සම්බන්ධය මොකද්ද කියන එක. අනෙක් ප්‍රශ්නය තමයි භාෂාවත් ක්‍රියාකාරකමුත් අතර සම්බන්ධය මොකද්ද කියන එක. භාෂාව පිළිබද ඥාණවිභාගයේදී මතු කරන ප්‍රශ්න ඥාණවිභාග විඤ්ඤාණය පිළිබදව අසන ප්‍රශ්නවලින් උප කොටසක්. විඤ්ඤාණයත් යතාර්ථයත් අතර සම්බන්ධය කුමක්ද, විඤ්ඤාණයත් ක්‍රියාකාරකමුත් අතර සම්බන්ධය මොකද්ද කියන එක ඥාණවිභාගයේ ඉතා වැදගත් ප්‍රශ්න දෙකක්. මේ සම්බන්ධයෙන් නූතනවාදී මතයත්, පශ්චාත් නූතනවාදී මතයත් අතර විශාල වෙනසක් තියනව.

නූතන යතාර්ථවාදියෙක්ට අනුව විඤ්ඤාණය ඥාණාත්මකයි වගේම කෘත්‍යාත්මකයි. එනම්, විඤ්ඤාණයේ ප්‍රධානම කාර්යභාරය තමයි යතාර්ථය පිළිබද දැනුමක් ලබාදීම. එහි අනෙක් කාර්යභාරය තමයි යතාර්ථය පිළිබද ඒ දැනුම යතාර්ථය තුළ ක්‍රියාකාරකම් වලට පරිවර්තනය කිරීම.

අනෙක් අතට පශ්චාත් නූතනවාදින්ට අනුව යතාර්ථයක් කියල දෙයක් නැහැ. ඒ නිසා විඤ්ඤණයට බැහැ යතාර්ථය පිළිබද දැනුමක් ලබා දෙන්න. ඒ අනුව විඤ්ඤාණය ඥාණාත්මක  නැහැ. නමුත් එය කෘත්‍යාත්මකයි. එනම් එය ක්‍රියාකාරකම් වලට පොළබවනව. ඒ අනුව ක්‍රියාකාරකමුත්, යථාර්තයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ.

නූතනවාදින්ට අනුව වචන වලට වෙස්මුහුණක් තියනව. එනම් යම් යම් අවස්ථාවලදී  වචන වල තේරුම් වචනානුසාරයෙන්ම නොගත යුතුයි හා වචන හැමවිටම පරිසිද්ධීන් (facts) ගැන කියනව කියල නොසිතිය යුතුයි කියල. මිනිස්සු සමහර අවස්ථාවලදී ව්‍යංගාර්ථයෙන් කතා කරනව. ඒත් එක්කම සමහර අවස්ථාවලදී අමූලික බොරු කියනව. සමහර වාක්‍යය වලට විවිධ මට්ටම් වලදී විවිධ තේරුම් තියනව. ඉතින් නූතන්වාදින්ට අනුව වචන වල අර්ථය පහදනව කියල කියන්නේ වචනවල සැබෑ තේරුම යතාර්ථයට සාපෙක්ෂව වටහා ගැනීම. මේ අනුව නූතනවාදින්ට අනුව වචනවල අර්ථය පහදනව කියන්නේ ඥාණාත්මක, යතාර්ථය වටහා ගැනීම අරමුණු කරගත්ත දෙයක්.

අනෙක් අතට පශ්චාත් නූතනවාදින්ට අනුව වචනවල අර්ථය පැහැදිලි කිරීම කවදාවත් යතාර්ථයෙන් අවසන් වෙන්නෙ නැහැ. භාෂාව සම්බන්ධවෙන්නේ භාෂාවටම පමණයි. කවදාවත් එය භාෂාවෙන් පිට වාස්තවික යතාර්ථයක්ට සම්බන්ධ වෙන්නේ නැහැ. ඩෙරීඩාට අනුව අපිට කවදාවත් භාෂාවෙන් පිට යන්න බැහැ. භාෂාවට භාෂවෙන් පිට භාෂාමය නොවන යතාර්ථයක් නැහැ. ඒ අනුව ඇත්ත හෝ බොරුව කියල දෙයකුත් නැහැ. යම් වාක්‍යයක් බොරුයි කියල නූතනවාදින්ට කියන්න පුලුවන් ඒ වාක්‍යයට සමපාත නොවන යතාර්ථයක් තියනව කියල ඔවුන් හිතන නිසා. පශ්චාත් නූතනවාදින්ට මෙවැනි යතාර්ථයක් නැති නිසාත්, භාෂාව සම්බන්ධ වෙන්නෙ භාෂාවටම පමණක් නිසාත් වාක්‍යයක් ඇත්ත හෝ බොරුයි කියන්න ක්‍රමයක් නැහැ.

පශ්චාත් නූතනවාදින් ඩීකන්ස්ට්‍රක්ෂන් නමින් හදුන්වන ක්‍රියාවලිය මේ අනුව කෙළවරක් නැති ක්‍රියාවලියක්. ඩීකන්ස්ට්‍රක්ෂන් කියන්නේ පශ්චාත් නූතනවාදින්ගේ වචනවල අර්ථය පැහැදිලි කරන ක්‍රියාවලිය. භාෂාවේ යම් කිසි කොටසක වෙස් මුහුණ ගැලෙව්වත් ඊට පිටිපස්සෙන් තියෙන්නේ යතාර්ථයක් නෙවෙයි, භාෂාවේම තවත් කොටසක්. ඒකෙත් වෙස් මුහුණ ගැලෙව්වාම තියෙන්නේ භාෂාවේම තවත් කොටසක්. මේ විදිහට කවදාවත් යතාර්ථයකට ළගාවෙන්න බැහැ. ඒ අනුව පශ්චාත් නූතනවාදින් කියනව නූතනවාදින් කියන ආකාරයට භාෂාව යතාර්ථය පෙන්නුම් කරන්නේ නැහැ කියල. භාෂාව කියන්නේ වෙස් මුහුණු ගොඩක්. ඊට පිටිපස්සෙන් ඇත්ත මුහුණක් නැහැ.

මේ නිසා පශ්චාත් නූතනවාදින් තම මතයට විරුද්ධ මත පරාජය කරන්න උත්සහ කරන්නේ ඊට එරෙහිව තර්කානුකූලව කරුණු දක්වලා නෙවෙයි. තර්කයෙන් ඔවුන්ට වැඩක් නැහැ. යතාර්ථයෙන් ඔවුන්ට වැඩක් නැහැ. වඩා වැදගත් හැකිතාක් ආකර්ෂණීය ලෙස තම මතය ප්‍රකාශ කිරීම. මේ නිසා තමයි පශ්චත් නූතන්වාදී ලිපි ලේඛන හරසුන් ඒවා වෙන්නේ. ඔවුන්ටම අනුව හරයක් කියල දෙයක් තියෙන්න විදිහක් නැහැ, මොකද භාෂාවෙන් ඇත්තක් ප්‍රකාශ කරන්න බැරි නිසා. ඔවුන්ගේ ලිපි ලේඛන අතාර්කික හරසුන් දේවල්. මොකද ඔවුන්ටම අනුව වඩා වැදගත් ආකර්ෂණීයකම. මේ නිසාම හුගක් පශ්චාත් නූතනවාදින් ලිපි ඔවුන් අකමැති දේවල් ගැන කැත විදිහට කතා කරනව. උදාහරණයක් විදිහට ඇන්ඩ්‍රියා ඩ්වොර්කින් නම් පශ්චාත් නූතනවාදිනියට අනුව සියලු සමලිංගික නොවන පිරිමි ස්ත්‍රී දූෂකයන්. 

ඔබ මේ ලිපි පෙළ දිගටම කියව්වා නම් දැනටමත් ඔබට තේරෙනව ඇති මොවුන් මේ අර අදින්නේ මොකටද කියල. ශත වර්ෂ දෙකක් තිස්සේ සමාජවාදින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කළා. මුලින්ම ඔවුන් බලාගෙන හිටියා සමාජයේ පහළ පන්තීන් පවතින ක්‍රමය ගැන කළ කිරිලා විප්ලවයක් කරනකම්. ඒක හරි නොයනකොට ඔවුන් බලාපොරොත්තු වුනා සමාජයේ ඉහළ මට්ටමේ ඉන්න විද්වතුන් පිරිසක් පහළ පන්තියට නායකත්වය දීලා විප්ලවයක් කරලා සමාජවාදී රාජ්‍යය ඇති කරයි කියල. රුසියාව, චීනය වගේ රටවල මෙවැනි විප්ලව ඇති වුනත් ඇති වුනේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච සමාජවාදයක් නෙවෙයි. හැදිච්ච රටවල් අසාර්ථක රාජ්‍යයන් බවට පත් වුනා. ඔවුන් මුලින් බලාපොරොත්තු වුනා ධනවාදය තමන්වම විනාශ කරගනියි කියල. ඒක හරි නොයනකොට ඔවුන් සාමකාමි ලෙස එය පෙරළා දමන්න උත්සහ කළා. ඒකත් හරි නොයන කොට ඔවුන් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කළා.

නමුත් ඒ මොනවා කළත් ධනවාදය සාර්ථකව දිගටම ඉදිරියට ගමන් කළ අතර සමාජවාදය දිගින් දිගටම අසාර්ථක වුනා. තර්ක හා සාක්ෂි කියන දෙකම තියෙන්නේ සමාජවාදයට එරෙහිව.

ඉතින් තර්කය හා සාක්ෂි කියන දෙකම තියෙන්නේ තමන්ට විරුද්ධවනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි තර්කය හා සාක්ෂි කියන දෙකම පිළි නොගෙන ඉන්න එක. පශ්චාත් නූතනවාදී සැලැස්ම එයයි. ඔවුන්ගේ දැක්මට අනුව වාස්තවික යතාර්ථයක් කියල දෙයක් නැහැ. විඤ්ඤාණය කවදාවත් යතාර්ථයක් ගැන දැන ගන්නේ නැහැ. භාෂාව සම්බන්ධ භාෂාවටම පමණයි. කවදාවත් යතාර්ථයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත බොරුව කියල දෙකක් නැහැ. තියෙන්නේ වාගාලංකාරය පමණයි. ඒ නිසාම තර්කය, සාක්ෂි ආදියෙනුත් වැඩක් නැහැ.

පශ්චාත් නූතනාවදයට හරයක් තියනවනම්, මේක තමයි ඒකෙ හරය. එනම්, ඔවුන්ට අනුව තර්කය, සාක්ෂි, විද්‍යාව ආදියෙන් වැඩක් නැහැ. ඇත්ත බොරුව කියල දෙයක් නැහැ. තර්කානුකූල, සාක්ෂි වලට අනුව බැලුවොත් සමාජවාදය අන්තිම අසාර්ථකයි. නමුත් තර්කයෙන් සාක්ෂි වලින් අපට වැඩක් නැහැ. ඇත්ත බොරුව කියල දෙයක් නැහැ. ඒ නිසා සමාජවාදය අසාර්ථයකයි කියන අදහසේ කිසි ඇත්තක් නැහැ.

පශ්චාත් නූතනවාදයේ තව අදහස් තිබුනත් මේක තමයි වැදගත්ම අදහස. පශ්චාත් නූතනවාදි අනෙක් අදහස් යම් ප්‍රමාණයක් පිළිබදව ඊළග ලිපියෙන් සලකා බලමු.

 

පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 5 කොටස – සමාජවාදයේ බිද වැටීම

කළින් සතියේ අපි ලෙනින් හා මාඕ දක්වා මාක්ස්වාදයේ ඉතිහාසය ගැන කතා කළා. දැන් අපි ඉන්නේ 1920 විතර. මේ වෙනකොට කළින් කිව් පරිදි සම්භාව්‍යය මාක්ස්වාදය බිද වැටිල ඉවරයි. මාක්ස්ගේ අනාවැකි එකක්වත් හරි ගියේ නැහැ. ඒත් එක්කම ලෙනින් හා මාඕ තීරණය කරල තිබුනා මාක්ස් කියන පරිදි දුප්පත් පන්තිය විප්ලවයක් පටන් ගන්නේ නැහැ, විප්ලවයකට නායකත්වය උගත්, බුද්ධිමත් ප්‍රභූ පිරිසක් විසින් දෙනු ලැබිය යුතුයි කියල. යුරෝපීයනුත් මේ අදහසටම ඇවිල්ලයි හිටියේ. ඒ ජර්මනියේ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ අසාර්ථකව භාවය නිසා. ඔවුන් තමයි ඒ වන විට ලෝකයේ ප්‍රධානම සමාජවාදී පක්ෂය. වසර ගණනක් ජර්මන් රජය පාලනය කළ ඔවුන්ට සමාජවාදී කිසිම අරමුණක් ඉටු කරගන්න බැරි වෙලයි තිබුනෙ. ඉතින් මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද විශ්වාසය ඔවුන්ගෙන් තුරන් වෙලා ගියා. ඔවුනුත් ආවා ලෙනින් හා මාඕ ආපු තීරණයටම. ඒ තමයි දුප්පත් පන්තියට නායකත්වය උගත්, බුද්ධිමත් සුලු පිරිසක් විසින් දෙනු ලැබිය යුතුයි කියල.

1930 වෙනකොට ජර්මන් සමාජවාදීන්  ජාතික සමාජවාදින් (නාසින්), හා ෆැසිස්ට් වාදින් එක්ක එක කරුණක් සම්බන්ධයෙන් එකග වෙලයි හිටියේ. ඒ තමයි සමාජවාදයට උගත් ප්‍රභූ පිරිසක් අවශ්‍යයි කියල. සමාජවාදය ජනතාව වෙනුවෙන් පවතින දෙයක් වුනත්, සමාජවාදය ජනතාව විසින් සාක්ෂාත් කරගන්න දෙයක් නෙවෙයි කියන මතයට ඔවුන් ඇවිත් හිටියා. මිනිස්සුන්ට තමන්ට ඕන මොනවද, ඒ දේවල් ලබා ගන්නේ කොහමද ආදිය උගත් ප්‍රභූ පිරිසක් විසින් කියා දෙනු ලැබිය යුතුයි යන් මතයට ඔවුන් ඇවිත් තිබුනා.

ඉතින් ඒ නිසාම සමාජවාදින් සෝවියට් දේශය දිහා ඉතා බලාපොරොත්තු සහගතව බලා හිටියා. ජොසෆ් ස්ටාලින් සමාජවාදයට අවශ්‍යය උගත්, ප්‍රභූ නායකත්වය ලබා දෙමින් රට පාලනය කරමින් සිටියේ. වැරදිච්ච මාක්ස්වාදී අදහස් අමතක කරල, මේ අලුත් සමාජවාදය රුසියාව තුළ ගොඩනැගෙන හැටි ඔවුන් මහත් ආසාවෙන් බලාගෙන හිටියා.

මේත් එක්කම සමාජවාදින්ට ලොකු බලාපොරොත්තුවක් දුන්න දෙයක් ඇමරිකාවේ සිදුවුනා. ඒ තමයි 1929 ආරම්භ වුන මහා අර්ථික අවපාතය. නිෂ්පාදනය අඩු වෙලා, විරැකියාව හා උද්ධමනය වැඩි වෙලා ඇමරිකාව ලොකු අර්බුදයක වැටුනා. සමාජවාදින් හිතුවා මේක තමයි ඇමරිකන් ධනවාදයෙ අවසානය කියල. දැන් පන්ති අරගලය පටන් ගෙන, සමාජවාදී විප්ලවය වෙයි කියල ඔවුන් කල්පනා කළා. අදටත් ලංකාවේ පරණ මාක්ස්වාදී අන්කල්ලා බටහිර රටවල අර්ථික ප්‍රශ්න එන එන සරේට කල්පනා කරනව දැන්වත් විප්ලවේ වෙයිද කියල.

ඒත් ඉතින් මේ බලාපොරොත්තුවත් කුඩු වෙලා ගියා. මේ ආර්ථික අවපාතය තිබුණේ ඇමරිකාවේ විතරක් නෙවෙයි. 1930 ගණන් වලදී ජර්මනියෙත් බරපතල ආර්ථික අවපාතයක් තිබුණා. ඒත් එහෙ සමාජවාදී විප්ලවයක් වුනේ නැහැ. ඇඩොල්ෆ් හිට්ලර් ගේ නායකත්වය යටතේ දක්ෂිණාංෂික නාසින් ජර්මන් ආර්ථිකය ගොඩ ගත්තා. ඔවුන් යුද්ධෙන් පැරදුනා. යුද්ධෙ ඉවරවෙනකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී ඇමරිකාවක් ලෝකයේ අංක එකේ සුපිරි බලය ලෙස ඉදිරියට ආව. 1950 ගණන් වලදී ලිබරල් ධනවාදී රටවල් ඉතා වේගයෙන් සංවර්ධනය වුනා.

ඉතින් 1950 ගණන් වලදී සමාජවාදින් යම් ප්‍රමාණයකට අපේක්ෂාභංගත්වයකට පත් වෙලා හිටියා. හැබැයි ඔවුන් සම්පුර්ණයෙන්ම අපේක්ෂභංග වෙලා හිටියේ නැහැ. ලෙනින් ගේ න්‍යයය පැහැදිලි කළා ඇයි අධිරාජ්‍යයවාදී බටහිර රටවල්වල සමාජවාදී විප්ලවයක් වෙන්නෙ නැත්තෙ කියල. කළිනුත් කිව්ව පරිදි ලෙනින්ට අනුව බටහිර අධිරාජ්‍යයවාදි රටවල් සමාජවාදී විප්ලවයක් වුනේ නැත්තේ ධනවාදයේ අමාරුකම් යටත් විජිත රටවලට අපනයනය කරන්න ධනවාදින් සමත් වෙලා තිබීම. ඉතින් ඔවුන් බලාපොරොත්තු වුනා මේ දුප්පත් ධනවාදී රටවලවත් සමාජවාදී විප්ලවයක් වෙයි කියල. නමුත් මේ බලාපොරොත්තුවත් හරි ගියේ නැහැ.

1950 ගණන් වලදී සමාජවාදින් තවතවත් වැඩි වැඩියෙන් සෝවියට් දේශයේ නැග්ම පිළිබද බලාපොරොත්තු ඇති කරගත්ත. ඔවුන් බලාපොරොත්තු වුනා සෝවියට් දේශය අර්ථිකවත්, සදාචාරත්මකවත් ධනවාදි රටවල් අභිබවා යයි කියල. නමුත් මේ බලාපොරොත්තුවත් හරි ගියේ නැහැ. සෝවියට් දේශය සම්පත් විශාල වශයෙන් ආරක්ෂක කටයුතු වලට යොදල යම් කිසි නිෂ්පාදන සාර්ථකත්වයක් ඇති කරගන්න සමත් වුනත් අනෙක් බොහෝ අංශ වලින් ඉදිරියට යනව වෙනුවට පස්සට ගියා.

සෝවියට් දේශය පිළිබද සමාජවාදින්ගේ බලාපොරොත්තු වලට මරු පහරක් වැදුනේ 1956 දී. මේ වෙනකොට සමාජවාදින් යම් ප්‍රමාණයකට පිළිගෙන තිබුණා අර්ථික පැත්තෙන් විතරක් බැලුවොත් ධනවාදී ක්‍රමය වඩා ශක්තිමත් ආර්ථික ඇති කරන්න සමත් කියල. නමුත් ඔවුන් කල්පනා කළා ආර්ථික වශයෙන් කොහම උනත්, සදාචාරාත්මක වශයෙන් සමාජවාදය ධනවාදයට වඩා ඉදිරියෙන් තියෙන්නෙ කියල. ඒත් 1956  පෙබරවාරි මාසයේ රුසියාවේ කොමියුනිස්ට් පක්ෂ කොන්ග්‍රසයේ නිකිටා කෘශෙව් රහස් කතාවක් කලා. එහිදී ඔහු ස්ටාලින් සමාජවාදයේ නාමයෙන් කරපු අපරාධ එළිදරව් කළා. අනාගත සමාජවාදයක නාමයෙන් ජෝසෆ් ස්ටාලින් මිලියන ගණනක මිනිස්සු වධදීල මරල දමල තිබුනා. සයිබීරියාවේ හිරකදවුරු වලට විශාල පිරිසක් යවල තිබුනා. මේත් එක්කම සමාජවාදය ධනවාදයට සාපේෂව වඩා සදාචාරාත්මකයි කියන අදහසට ලොකු පහරක් එල්ල වුනා. මුලදි මේව විශ්වාස නොකරපු අයටත් පස්සෙ මේවා විශ්වාස කරන්න සිද්ධ වුනා. තවත් හුගක් දේවල් අනාවරනය වුනා. උදාහරණයක් විදිහට මාඕ ගේ කොමියුනිස්ට් චීනයේ 1959 සිට 1961 අතර කාලය තුළ මිනිස්සු මිලියන 30 ක් මරල දාල තිබුනා. කියුබාව, වියට්නාමය, කාම්බෝජය, නිකරගුවාව ආදීය වරින් වර පොඩි පොඩි බලාපොරොත්තු ඇති කළා. සෝවියට් දේශය තරමට නෙවෙයි. පොඩ්ඩක් විතර. ඒත් මේ බලාපොරොත්තුත් ඉෂ්ඨ සිද්ධ වුනේ නැහැ. නියම සමාජවාදී රටක් කොහේ වත් ඇති වුනේ නැහැ. අනෙක් අතට හැබැයි සමාජවාදයේ නාමයෙන් බරපතල විදිහට මනුෂ්‍ය ඝාතන සිද්ධ වුනා. රමෙල් ගේ 1994 පර්යේෂණයට අනුව 1900 සිට 1987 අතර දක්වා කාලයෙදී කොමියුනිස්ට් රටවල් තමන්ගෙම රටේ මිනිස්සු මරාදැමීම හරහා සිද්ධ කළ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය මිලියන 110ක්. මේ කාලය ඇතුලත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමන්ගේම රටේ මිනිසුන් මරා දැමීම හරහා සිදු කර තිබුන මනුෂ්‍යය ඝාතන ප්‍රමාණය මිලියන 2ක් පමණයි.

පශ්චාත් නූතනවාදය බිහි වෙන්නෙ මෙන්න මේ පරිසරය තුළ. සමාජවාදය අන්තෙටම වැටිලා තියන වෙලාවක පශ්චාත් නූතනවාදය නිර්මාණය වුනේ සමාජවාදය මේ දැවැන්ත අර්බුදයෙන් හා ලැජ්ජාවෙන් ගලවා ගැනීම සදහා. පශ්චාත් නූතනවාදයේ පතාක යෝධයෙක් වෙන මයිකල් ෆෝකොල්ට් ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක්. පශ්චාත් නුතනවාදයේ තවත් පතාක යෝධයෙක් වුන ඩෙරීඩා එම පක්ෂයේ සාමාජිකයෙක් නොවුනත් ඊට පක්ෂව කටයුතු කරපු කෙනෙක්. මොවුන් 1956 වෙනකම් හිටියේ නැහැ සමාජවාදය ගොඩ ගන්න උත්සහ කරන්න. සමාජවාදය තියෙන්නේ දැවැන්ත අර්බුදය කියන එක ඔවුන් කලින්ම තේරුම් ගත්ත.

ඒත් එක්කම ඔවුන් තේරුම් ගත්තා ධනවාදය එන්න එන්න හැම අතින්ම සමාජවාදයට සාපේක්ෂව සාර්ථක වෙන යුගයක සමාජවාදය සාධාරණීකරනය කරන්න අමාරු බව. ඒ නිසා ඔවුන් තීර්ණය කළා ධනවාදයට එරෙහිව අලුත්ම ප්‍රතිචාරයක් නිර්මාණය කළ යුතුයි කියල. පශ්චාත් නූතනවාදය බිහිවුනේ ඒ අනුව. එය හැදුන හැටි අපි ඊලග ලිපියෙන් කතා කරමු.

 

අරුණි ශපීරෝ/කලු වහල් හිමිකරු- Aruni Shapiro/The Black Slave Owner

අරුණි ශපීරෝ මේ දින වල ඒබ්‍රහම් ලින්කන්ට විරුද්ධවත්, ඔහුගේ වහල් විරොධී යුද්ධයට විරුද්ධවත්, යුද්ධ ප්‍රකාශ කර තිබේ. ඒ පහත ලිපි දෙක හරහා.

  1. ලින්කන්ගේ යුද්ධය.
  2. යදම් ගැල වූ ජැන්ගෝ – ඩී සයිලන්ට් ය

පශ්චාත් නූතනවාදය ගැන මම මේ දින වල ලියන ලිපි මාලාව අතරමග මේ ගැන කෙටි ලිපියක් ලියන්න හිතුවේ ශපීරෝගේ මේ ලිපිවල තකතීරු භාවය නිසාය. 

මේ ලිපි දෙකේදී ශපීරෝ ලියන ප්‍රධාන කාරණා මෙසේය. ඒවාට මගේ ප්‍රතිචාරයත් ඒත් එක්කම මම දක්වනව.

කරුණ: ඇමෙරිකන් වහල් ඉතිහාසය හොලිවුඩ් මවාපාන තරම් කුරිරු වූයේ නැත.

ප්‍රතිචාරය: ශපීරෝටත් මේවගේ පොඩි කස පහරක් දීලා අහමුද දරුණු මදිද කියල?

  Cicatrices_de_flagellation_sur_un_esclave

කරුණ: 1861 දී, ඒබ්‍රහම් ලින්කන් දකුණු පළාත් වලට යුද්ධයක් ගෙන ගියේ වහලුන් බේරාගන්නට නොවේ. සිවිල් යුද්ධය ආරම්භ කරන්නට ප්‍රධාන හේතුව වුයේ යුනියනය නොහොත් ඇමෙරිකාව දෙකට කැඩී යාවී යන බියයි.

ප්‍රතිචාරය: ලින්කන් යුද්ධයට යන්න එකම හේතුව වහල් විරෝධය නෙවෙයි.ඒත් ඒක අනිවාර්යයෙන් එක හේතුවක්. 1850 ගණන්වලදී ඇමරිකාවේ තිබුණ දේශපාලනික උණුසුම් තත්වයට ප්‍රධානම හේතුව වහල් වෙළදාම.

ලින්කන් ඇතුලු උතුරු පාර්ශ්වයට මුල සිටම අවශ්‍යය වුනේ වහල් ක්‍රමය නවත්වන්න. ඒත් මුලදී ඔවුන් වහල් ක්‍රමය පැවතුන දකුණු ජනපද වලින් එය තුරන් කරන්න කෙළින්ම උත්සහ කළේ නැහැ. ඔවුන් මුලින්ම උත්සහ කළේ වහල් ක්‍රමය, වහල් ක්‍රමයක් නැති උතුරු ජනපද වලට පැතිරීම වැලැක්වීම. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වුනා ක්‍රමයෙන් අනිත් ජනපද වලත් වහල් ක්‍රමය නැති වෙලා යයි කියල.

1860 ඇමරිකානු ජනාධිපතිවරනයේ තරග කළේ ලින්කන් හා ස්ටීවන් ඒ. ඩග්ලස්. මේ ජනාධිපතිවරන විවාද වල ප්‍රධානම මාතෘකාව වුනේ වහල් ක්‍රමය. ලින්කන්ට  ඕන වුනා මධ්‍යම ආණ්ඩුවේ බලය යොදලා දැනට වහල් ක්‍රමය නැති ජනපද වලට වහල් ක්‍රමය පැතිරීම වැලැක්වීමට. ඩග්ලස්ගේ මතය වුනේ ජනපද යනු ස්වෙරී රාජ්‍යයන් බවත්, ජනපද වල කටයුතු වලට ඇගිලි ගැසීමට මධ්‍යම ආණ්ඩුවට අයිතියක් නැති බවත්. මේ ඡන්දෙන් ලින්කන් දින්නා. ඒත් ලින්කන් දිවුරුම් දෙන්නත් කළින්ම දකුණේ ජනපද හතක් පිහිටුවා ගත්තා  confedarcy එක. ඔවුන්ට ඕන වුනේ ඇමරිකන් යූනියනයෙන් මිදෙන්න.

අරුණි ශපීරෝ මුකුත් නොදන්න තොත්ත බබෙක් වගේ කියනව ලින්කන් යුද්ධෙට ගියේ වහලුන් බේරගන්න නෙවෙයි, යූනියනය බිද වැටීම වලක්වන්න කියල. යූනියනය බිද වැටෙන්න ප්‍රධාන හේතුව වහල් ක්‍රමය පිළිබද උතුරු දකුණු අදහස් නොගැලපීම කියල මේ කිරිසප්පයට අමතක වෙලා.

දැන් මේ යුද්ධය තිබ්බේ 1861 සිට 1865 අතර කාලයේ. 1863 දී තමයි ලින්කන් Emancipation Proclamation එක ඉදිරිපත් කළේ. ඒ හරහා ඔහු ප්‍රකාශ කළා දකුණු confedarcy ප්‍රාන්තවල වහලුනුත් සදහටම නිදහස් කියල. මේ හරහා ඔහු වහලුන් මුදවා ගැනීම යුද්ධයේ ප්‍රධාන අරමුණක් බවට පත් කළා. තොත්ත බබා කියන ආකාරයට මේක ලින්කන් අන්තිම කාළේ කරපු දෙයක් නෙවෙයි, යුද්ධයේ හරි මැදදි කරපු දෙයක්. ඔහුට ඒ දේ කරන්න පුලුවන් වුනේ ඒ වෙනකොට ඔහුගේ දේශපාලනය බලය අතිමහත් වුන නිසා. යුද්ධය හරහා ලින්කන් ඇමරිකන් ඉතිහාසයේ හිටපු බලවත්ම ජනාධිපතිවරයෙක් බවට පත් වුනා. මේ Emancipation Proclamation එක ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය පාස් කරපු පනතක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරල නිකුත් කරපු විධායක නියොගයක්. ඒ කාලේ කොන්ග්‍රස් එකේ මේ වගේ දෙයක් පාස් කරන්න පුලුවන් තත්වයක් තිබුනේ නැහැ. ලින්කන් මේක කළේ ඔහු මේ වෙනකොට යකඩ තරම් දේශපාලනිකව ශක්තිමත් නිසා.

කරුණ: ලින්කන් ඉක්මන් වුනා වැඩියි කියලයි මා හිතන්නෙ. සිවිල් යුද්ධයේ මිනිස් ඝාතනයකින් නොව නිදහස් වෙළඳපොල ක්‍රියාමාර්ගයට ඉඩ දුන්නා නම් තිරසාර නිවහල් බව, කළු අයට විතරක් නෙමෙයි සියළු පුරවැසියන්ට ලැබෙන්නට තිබූ මාර්ගය, බදු එකතු කරන ෆෙඩරල් ආණ්ඩුව අතට බලය වැඩිවීමෙන් තවත් කාලයක් යන තුරු ප්‍රමාද වූවා යන අදහස් ඇති අයටයි මා අයිති වෙන්නේ.

ප්‍රතිචාරය: මේක තමයි හොදම විහිලුව. ඔව්, ලින්කන් ෆෙඩරල් බලය වැඩි කලා තමයි. ඒත් මේ තොත්ත බබාට නොතේරෙන දේවල් දෙකක් තියනව. එකක් තමයි ලින්කන් එහෙම නොකළා නම් ෆෙඩරල් ආණ්ඩුවේ බලය අඩුවුනාට ජනපද ආණ්ඩුවල බලය වැඩි වෙනව. ශපීරෝගේ ප්‍රශ්නය පුද්ගල නිදහස හා රාජ්‍යය බලය අතර ප්‍රශ්නය නම් ෆෙඩරල් ආණ්ඩුව බලවත් උනත් එකයි, ජනපද ආණ්ඩු බලවත් උනත් එකයි. දෙකම පුද්ගල නිදහස අඩු කරනව.

දෙවෙනි කරුණ තමයි ඉතා වැදගත්ම කරුණ. කීයටවත් නිදහස් වෙළදපලවත්, ධනවාදයවත් ආර්ථික ක්‍රියාවලියක් හරහා වහල් ක්‍රමය නවත්වන් නැහැ. ඇයට අමතක ඇති ඇයි දකුණු ජනපද වලට වහල් ක්‍රමය දිගටම පවත්වගෙන යන්න වුවමනා වුනේ කියල. මං මතක් කරන්නම්. මේ ජනපද වල ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම යැපුනේ කපු කර්මාන්තය හරහා. මේ කපු කර්මාන්තශාලා වල වැඩ කළේ වහලුන්. නොමිලේ ශ්‍රමය ලැබෙන කොට කර්මාන්තය පවත්වගෙන යාම ලේසියි, ලාභයි. දකුණු ජනපද සුද්ධන්ට ඕන වුනේ මෙන්න මේ ආර්ථික වාසිය පවත්වාගෙන යාම.

බැරිවෙලාවත් කපු කර්මාන්තය කඩාගෙන වැටුනත් ආර්ථික හේතුමත වහල් ක්‍රමය නවතින්නැහැ. මොකද ඔවුන් වෙන කර්මාන්තයක් පටන් ගනියි. ඒ කර්මාන්තයෙත් නොමිලේ ශ්‍රමය ලබාගන්න පුද්ගලයට එසේ ලබා නොගන්න පුද්ගලයට සාපේක්ෂව නිෂ්පාදන වාසියක් ලැබෙනව. ඉතින් මේ ක්‍රමය දිගටම පවතිනව.

හැබැයි ධනවාදය හා නිදහස් වෙළදපල ආර්ථික නොවන හේතු මත වහල් ක්‍රමය නැති කළා. ලින්කන් වහල් ක්‍රමයට විරුද්ධ වුනේ ධනවාදී ආර්ථිකය උගත්, වහල් ක්‍රමයට එරෙහි වෙන්න තරම් දියුණු ජනතාවක් ඇතිකරල තිබුන නිසා. ඒ වෙලාවේ ලින්කන් යුද්ධෙන් පැරදුනා නම් එක්කො අදටත් වහල් ක්‍රමය තියෙනව, නැත්තම් දකුණ තුළ තවත් යුද්ධයක් ඇතිවෙලා වහල් ක්‍රමය නැති කරලා දමයි.

අරුණි ශපීරෝගේ බංකොලොත් දර්ශනය නිසා ඇය විශ්වාස කරන දේවල් වල හැටි බලන්න.

පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 4 කොටස – මාක්ස්වාදයේ බිද වැටීම

ඇයි මම මේ ලිපි මාලාව ලියන්නේ? මේ ලිපි මාලාව ලිවීමේ එකම අරමුණ ලංකාවෙන් පශ්චාත් නූතනවාදී අදහස් තුරන් කරල දාන එක නෙවෙයි. මොකද ලංකාවේ පශ්චාත් නූතනවාදය එතරම් ප්‍රචලිත නැහැ. මීට අවුරුදු හත අටකට කලින් දීප්ති කුමාර ගුණරත්න ලංකාව තුළ පශ්චාත් නූතනවාදය ප්‍රචලිත කළත් ඒක වැඩි කාලයක් රට තුළ රැදුන දෙයක් නෙවෙයි. ඔහුගේ ෆේස්බුක් පිටුවට likes නැති කමෙන්ම ඒක පේනව. ඉතින් එහෙමනම් මොකටද මම මේක කරන්නේ?

මට අවශ්‍යය ලංකාව ග්‍රහණය කරගෙන ඉන්න, එහෙම නැත්තම් කාලයක් ලංකාව ග්‍රහණය කරගෙන හිටපු, කිසිම වැදගැම්මකට නැති දර්ශන වලට පහර දීම. උදාහරණයක් විදිහට මේ ලිපි මාලාව කියවගෙන යන විට ඔබට තේරෙයි පශ්චාත් නූතනවාදී දර්ශනය නලින් ද සිල්වා ගේ දර්ශනයට කොච්චර සමානද කියල. නලින් ද සිල්වාගේ දර්ශනය ඊළග ලිපිමාලව හරහා සාකච්ඡාවට භාජනය කරන්න මම බලාපොරොත්තු වෙනව. ඉතින් මේ ලිපි පෙළ ලිවීමෙහි අරමුණු වලින් එකක් තමයි එම ලිපි පෙළට අඩිතාලමක් සැපයීම. ඒ වගේම අද අපේ මාතෘකාව වෙන්න මාක්ස්වාදය.

මාක්ස්වාදය යනු අර්ථික පන්ති පිළිබද විශ්ලේශණයක්. ඔවුන්ට අනුව ශක්තිමත් පන්තිය හා දුර්වල පන්තිය නිරන්තර ආර්ථික අරගලය යෙදිලයි ඉන්නෙ. ඒත් ඒක්කම මාක්ස්වාදින් කිව්වා මේ අරගලයෙන් හැමදාම ශක්තිමත්, ධනවත් පන්තිය දිනනව, දුර්වල, දුප්පත් පන්තිය එන්න එන්න තව තවත් දුර්වල වෙනව කියල. එනම්, මාක්ස්වාදින්ට අනුව, සමාජයේ කුඩා කොටසක් එන්න එන්න තව තවත් ධනවත් වන අතර, අනෙක් විශාල කොටස එන්න එන්න දුප්පත් වෙනව. ඒවගේම මාක්ස්වාදින් හිතුවා මැද පන්තිය කියන එක ස්ථාවර එකක් නෙවෙයි කියල. පන්ති අරගලයෙහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ගෙන් කුඩා කොටසක් ධනවත් පන්තියට යන අතර, අනෙක් විශාල කොටස දුප්පත් පන්තියට යනව කියල ඔවුන් විශ්වාස කළා. ඒ අනුව, මෙම පන්ති විශ්ලේෂණය පැහැදිලි අනාවැකි කිහිපයක් පළ කළා. ස්ටීවන් හික්ස් ඒවා පහත පරිදි දක්වනවා.

  1. දුප්පත් පන්තිය ප්‍රතිශතයක් ලෙස එන්න එන්න ඉහළ යන අතර, එන්න එන්න තව තවත් දුප්පත් වෙනව: ධනවාදී තරගය පවතින්න පවතින්න, වැඩි වැඩියෙන් මිනිසුන් තම ශ්‍රමය විකුණන්න පෙළබෙනව. ශ්‍රම සැපයුම වැඩි වීම නිසා, ඔවුන්ට ලබා ගත හැකි පඩිය අඩු වෙනව.
  2.  මැද පන්තිය ප්‍රතිශතයක් වශයෙන් ඉතා කුඩා කණ්ඩායමක් බවට පත් වෙනව: ධනවාදී තරගයේ ප්‍රතිපලය තමයි සමාජයේ ඉන්නෙ ජයග්‍රාහකයන් හා පරාජිතයන් පමණයි. කුඩා පිරිසක් පිට පිට ජයග්‍රහණය කිරීම හරහා ධනවතුන් බවට පත් වුනත්, බහුතරයක් මේ තරගයෙන් පරාජය වෙලා දුප්පතුන් බවට පත් වෙනව.
  3. ධනවතුන් පිරිසත් ප්‍රතිශතයක් ලෙස එන්න එන්න අඩු වෙනව: මේක තරගයක් නිසා, එය පිට පිට ජයග්‍රහණය කරන කුඩා පිරිසක් බිහි කරන අතර අනෙක් පිරිස ආර්ථික  ඉනිමග දිගේ පල්ලෙහාට යවනව.

ඒත් ඉතින් මේ අනාවැකි එකක් වත් හරි ගියෙ නැහැ. මාක්ස් හිටියනම් වහ කයි. මාක්ස් මේ අදහස් ඉදිරිපත් කළේ දහනව වන සියවසේ මැද භාගයේ. ඒත් විසිවෙනි සියවසේ මුල් කාලය වෙනකොට මාක්ස්වාදින්ටම තේරිලා තිබුනා මේ කියන කිසි දෙයක් හරියන් නැහැ කියල. දුප්පත් පන්තිය ප්‍රතිශතයක් විදිහට අඩුවුනා මිසක් වැඩි වුනේ නැහැ. මැද පන්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. ධනවත් පන්තියත් මාක්ස් කිව්වා වගේ කුඩා වෙනව වෙනුවට වර්ධනය වුනා. රටවල් සමස්තයක් වශයෙන් ධනවත් වුනා. මේක ඇත්තටම මාක්ස්වාදයට මරු පහරක්. මොකද මාක්ස් මාක්ස්වාදය දැක්කේ දර්ශනයක් හෝ දෘෂ්ඨිවාදයක් විදිහට නෙවෙයි, නියම විද්‍යාවක් කියල. නිවැරදි අනාවැකි කියන්න බැරිනම්, මාක්ස්වාදය කියන්නෙ විද්‍යාවක් නෙවෙයි.

මේ න්‍යායාත්මක අර්බුදය තමයි අන්තිමට හේතුවුනේ ලෙනින්, ට්‍රොට්ස්කි වගේ විද්වතුන් විසින් මෙහෙයවන ලද රුසියානු විප්ලවයට. මේ විප්ලවය කොහෙත්ම මාක්ස්වාදී විප්ලවයක් නෙවෙයි. ඇයි මම එහෙම කියන්නෙ? මාක්ස්ට අනුව, දුප්පත් පන්තිය ප්‍රතිශයක් ලෙස එන්න එන්න වර්ධනය වෙනව. ඒත් එක්කම ඔවුන් එන්න එන්න දුප්පත් වෙනව. මේ නිසා ඔවුන්ට දැඩි අසහනයක් ඇති වෙනව. ඔවුන් කලබල කරන්න පටන් ගන්නව තමන්ට තිබෙන ආර්ථික පීඩනය දරාගන්න බැරිකම නිසා. මේ කලබල කිරීම විප්ලවයක් දක්වා වර්ධනය වෙලා ධනවාදී ක්‍රමය විනාශ කරල කොමියුනිස්ට් රාජ්‍යය බිහි කරනව. එතකොට මේ විප්ලවය කරන්නේ ලෙනින් වගේ සමාජයේ ඉහළ මට්ටමක ඉන්න විද්වතුන් නෙවෙයි, නූගත්, දුප්පත්, දුප්පත් පන්තියෙ ජනතාව.

නමුත් විසිවෙනි සියවස මුල වෙනකොට මාක්ස්වාදින් දැඩි න්‍යායාත්මක අර්බුදයක හිටියෙ. මාක්ස්ගේ අනාවැකි එකක් වත් හරියන පාටක් නැහැ. විප්ලවය පටන් ගන්න පිරිස යැයි හිතපු දුප්පත් පන්තියට පන්ති අරගලයක් ගැන සත පහක හැගීමක් වත් නැහැ. මාක්ස්වාදින්ට මේ අනුව තේරුම් ගියා කවදාවත් දුප්පත් පන්තියේ එවුන් විප්ලවයක් පටන් ගන්නෙ නැහැ කියල. මේ අර්බුදයෙන් ගොඩ එන්න මාක්ස්වාදින් පිළියමක් හොයා ගත්තා. ඒ තමයි, විප්ලවය පටන්ගන්න නම්, විදග්ධ බුද්ධිමතුන් පිරිසක් මේ නූගත්, දුප්පත් මිනිස්සු පන්තියට නායකත්වය දෙන්න ඕන කියල. 1917 රුසියානු විප්ලවයට පෙර, වී.අයි. ලෙනින් ආදින් මාක්ස්වාදයට කරපු ප්‍රධානම වෙනස්කමක් තමයි ඕක.

හැබැයි ලෙනින්වාදය මාක්ස්වාදයෙන් වෙනස් වෙන්නේ ඕක නිසාම නෙවෙයි. තව වෙනස්කම් කිහිපයක් තියනව. ලෙනින් ජීවත් වුනේ ධනවාදී එංගලන්තයේ, ඇමරිකාවේ, ප්‍රංශයේ හෝ ජර්මනියේ නෙවෙයි, වැඩවසම් රුසියාවේ. ඉතින් රුසියාවේ දුප්පතුන්ගේ අමාරුකම් වලට ධනවදයට බනින්න බැහැ. ධනවාදී රටවල දුප්පත් පන්තිය අරගල නොකිර්‍රිමට හේතුව වශයෙන් ලෙනින් දැක්වූයේ ඒ රටවල ධනවාදින් දුප්පත්කම දක්ෂ ලෙස ඌන සංවර්ධිත රටවල් වලට අපනයන කරලා තිබීම. හැබැයි රුසියාවේ ප්‍රශ්න මේ හරහා පැහැදිලි කරන්න විදිහක් නැහැ.

මාක්ස්වාදයට අනුව සමාජවාදී විප්ලවය ඇතිවෙන්නේ ධනවාදය උපරිමයට පරිණත වෙලා, කාර්මික දුප්පත් පන්තියක් හැදිලා, ඒ දුප්පත් පන්තියට පන්ති විඥාණයක් ආවටත් පස්සේ. ඒත් රුසියාව තාමත් වැඩවසම් යුගයේ. ඔය කියන විදිහට විප්ලවයක් වෙනකම් ඉන්නව කියන්නෙ මුලින්ම ඔවුන්ට සිද්ධ වෙනව රුසියාවට ධනවාදය එනකම් බලන් ඉන්න. ඊට පස්සෙ ඔවුන්ට සිද්ධ වෙනව ඒ ධනවාදය පරිණත වෙනකම් බලන් ඉන්න. සමාජවාදය ඇති වෙන්නෙ ඊටත් පස්සේ. ඉතින් ඒකට ශතවර්ෂ ගානක් ගත වෙනව. එතකොට ලෙනින් මැරිල, සොහොන උඩ ගසුත් පැළ වෙලා. මේ නිසා තමයි ලෙනින් තීරණය කළේ රුසියාව වැඩවසම් යුගයේ සිට, ධනවාදී නොවී, කෙළින්ම සමාජවාදී විය යුතුයි කියල. නමුත් ධනවාදයේ වගේ සංවිධානාත්මක, පන්ති විඥාණයක් සහිත දුප්පත් පන්තියක් වැඩවසම් රුසියාවේ නැති නිසා, ලෙනින් තීරණය කළා මේ විප්ලවයට උගත් විද්වතුන් සුලු පිරිසක් නායකත්වය දීලා, දුප්පතුන්ගෙ ආඥාදායකත්වයක් ඇති කළ යුතුයි කියල.

1917 දී රුසියාවේ සිදුවුන බොල්ෂෙවික් විප්ලවය විතරක් නෙවෙයි, 1920 දී චීනයේ මාඕ සේතුං පිළිගත්තෙත් මේ දර්ශනය. මාඕ රුසියාව හැදින්නුවේ නොම්මර එකේ ශිෂ්ඨාචාරගත රාජ්‍යය කියල. මාඕ තේරුම් ගත්තා චීනයේ තත්වයත් රුසියාවට බොහෝ දුරට සමානයි කියල. චීනය රුසියාවටත් වඩා අන්ත වැඩවසම් රටක්. ඉතින් මාඕ තීරණය කළා චීනයත් වැඩවසම් යුගයේ සිට සමාජවාදය දක්වා ගමන, ධනවාදය හරහා යන් නැතුව කෙළින්ම යා යුතුයි කියල. ඒත් එක්කම ඒකට නායකත්වය විද්වතුන් විසින් දෙනු ලැබිය යුතුයි කියල. මාඕ මාක්ස්වාදී දර්ශයට තවත් පොඩි වෙනස්කමක් කළා. සාම්ප්‍රදායික මාක්ස්වාදයට අනුව සමාජවාදී විප්ලවය වෙන්නේ කාර්මික, තාක්ෂණික රටක, පන්ති විඥාණයක් සහිත දුප්පත් පන්තිය කැරළි ගැසීම හරහා. නමුත් චීනය කාර්මික, තාක්ෂණික රටක් නෙවෙයි. වැඩවසම්, කෘෂිකාර්මික, නූගත් රටක්. ඒ නිසා මාඕ තීරණය කළා විප්ලවය විය යුත්තේ මාක්ස් කියන පරිදි තර්කය හරහා නෙවෙයි, විශ්වාසය හා අධිෂ්ඨානය හරහා කියල.

ඉතින් මේ වෙනකොට මාක්ස් ඉදිරිපත් කරපු සම්භාව්‍යය මාක්ස්වාදය සම්පුර්ණයෙන්ම බිද වැටිල ඉවරයි. ඊළග ලිපියේදී අපි රුසියාවේ හා චීනයේ සමාජවාදයට වෙච්ච දේත්, යුරෝපයේ හා ඇමරිකාවේ සමාජවදයට වෙච්චදේත් ගැන කතා කරමු.

 

 

 

පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 3 කොටස – නූතනවාදී දේශපාලනික, විද්‍යාත්මක හා තාක්ෂණික වෙනස්කම්

කළින් කිව් පරිදී නූතනවාදී චින්තනය තර්කය (reason) මුලික කරගත්ත එකක්. ඒක විශ්වාසය හා සම්ප්‍රදාය මූලික කරගත් පුර්ව නූතනවාදී යුගයත් එක්ක සන්සන්දනය කරද්දි ලොකු වෙනසක්. මේ වෙනස දේශපාලනයටත්, විද්‍යාවටත් විශාල බලපෑමක් ඇති කළා කියල කියන්න පුලුවන්. නූතනවාදින් දැක්කා තර්කනය කියන්නෙ තනි පුද්ගලයෙක්ට තියන හැකියාවක් කියල. ඒක සමාජයට තියන හැකියාවක් නෙවෙයි. ඒ නිසා නූතනවාදින් සමූහවාදයට විරුද්ධ පුද්ගලවාදින්. ජෝන් ලෝක්ගේ අ ලෙටර් කන්සර්නින් ටොලරේෂන් (1689), සහ ටූ ට්‍රීටිසස් ඔෆ් ගවර්න්මන්ට් (1690) කෘති ඉතාවැදගත්, පුද්ගලවාදය ස්ථාපිත කරපු පොත්. තව කෙනෙකුගේ තීරණ ගැනීමට හා ක්‍රියාකාරකම් වලට බාධා කිරීම වැලැක්වීම, දේශපාලනික සමානත්මතාවය(ආර්ථික නෙවෙයි ), රජයේ බලතල අවම කිරීම, පුද්ගල අයිතිවාසිකම් ආදිය නූතනවාදින්ට ඉතා වැදගත් වුන සංකල්ප.

මේකෙ ප්‍රතිපලය වුනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ලිබරල්වාදය යනු පුද්ගල නිදහස ස්ථාපිත කරන දේශපාලන දර්ශනය. ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන බලය පාලකයන් අතින් ගලවල පොදු ජනයාට ලබාදෙන ප්‍රතිපත්ති සෑදීමේ ක්‍රියාවලිය. පුද්ගලවාදය ශක්තිමත් වෙන්න වෙන්න වැඩවසම් අදහස් මැකිලා ගියා. 1688 එංගලන්තයේ ලිබරල් විප්ලවයක් ඇති වුනා. එවැනිම විප්ලව 1776 ඇමරිකාවෙත්, 1789 ප්‍රංශයෙත් ඇති වුනා. මේ සියල්ලම රාජකීය රදලයන්ගෙ අතින් පාලනය ජනතාව අතට ගත්ත විප්ලව. ඒත් එක්කම ලිංගික සමානාත්මතාවය, ජාතින් අතර සමානාත්මතාවය, වහලුන් පවත්වාගැනීම සදාචාර විරෝධීභාවය ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. අද මේවා සාමාන්‍යය සංකල්ප වුනත් මේවා මුලින්ම ඉදිරිපත් කරපු කාලේ ඉතා විප්ලවීය අදහස්.

පුද්ගලවාදය ආර්ථික විද්‍යාව තුළ ක්‍රියාත්මක වුනේ ධනවාදය හා නිදහස් වෙළදපල විදිහට. ධනවාදයේ මූලික අදහස වුනේ තමන්ට කැමති පරිදි නිෂ්පාදනය, පරිභෝජනය සහ වෙළදාම පිළිබද තීරණ ගන්න නිදහසක් පුද්ගලයාට තිබිය යුතුයි කියන අදහස. පුද්ගලවාදයේ නැගීමත් සමග වෙළදාම පිළිබද වැඩවසම් අදහස් හා වෙළදවාදී (mercantilist) අදහස් පරාජය වුනා. මේ යුගයේ පළවු ඉතා වැදගත් ආර්ථික විද්‍යාත්මක කෘතිය වුනේ ඇඩම් ස්මිත්ගේ වෙල්ත් ඔෆ් නේෂන්ස් (1776) කෘතිය. මේ හරහා රටවල් විශාල වශයෙන් ධනවත් වුනා. 1830 සිට 1860 අතර දක්වා අවුරුදු 30 දී එංගලන්තයේ වාර්ෂික ඒක පුද්ගල ආදායම දෙගුණයකින් වැඩිවුනේ ධනවාදයේ නැගීම හරහා.

විශ්වාසයට වඩා තර්කය වැදගත් කියන අදහස හේතු වුනා මේ යුගයේදී සිදුවුන විද්‍යාවේ හා ගණිතයේ නැගිටීමට. අයිසැක් නිව්ටන් 1666 දීත්, ගොට්ෆ්‍රිඩ් ලීබ්නිස් 1675 දීත් එකිනෙකාගෙන් ස්වායක්තව අවකලනය සොයාගත්තා. ක්වොන්ටම් භෞතික විද්‍යාව හා සාපේෂතාවාදය නිර්මාණය වෙනකන් ශතවර්ෂ තුනක් තිස්සේ භෞතික විද්‍යාවේ අඩිතාලම වුන නිව්ටෝනීය භෞතික විද්‍යාව නිර්මාණය වුනෙත් මේ කාලේ. ඒ නිව්ටන් 1687 දී ප්‍රින්සිපියා මැතමැටිකා ග්‍රන්තය පළ කිරීමත් සමග. ඒත් එක්කම ලැවොසියර්, ලැප්ලාස්, ඩාර්වින් ආදින් දහ අට හා දහනව වන සියවස් වල විශාල සොයාගැනීම් සිදු කලා.

ඒත් එක්කම සිදුවුන වෙනස තමයි තාක්ෂණයේ දියුණුව. ඉංජිනේරු විද්‍යාවේ සිදුවුන වර්ධනය හරහා මේ ලිබරල් ධනවාදී රටවල් වලට තවතවත් ධනවත් වෙන්න හැකියාව ලැබුනා. දහ අටවන සියවසේ සිදුවුන කාර්මික විප්ලවය මෙතනදි වැදගත් වෙනවා. ජේම්ස් වොට්, සැමුවෙල් ක්‍රොම්ප්ටන් ආදී ඉංජිනේරුවන් අලුත් අලුත් යන්ත්‍ර නිපදවූවා. මේ හරහා දැවැන්ත කර්මන්තශාලා ඇති වුනා. මේ කර්මාන්තශාලා වල වැඩ කරන්න ගම්මාන වල සිට මිනිස්සු නගරයට ඇදුනා. මේ හරහා තමයි එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල දැවැන්ත නාගරීකරණයක් හා කාර්මීකරණයක් ඇති වුනේ.

හැබැයි එක දෙයක් කියන්නම ඕන. ඒ තමයි මේ කර්මාන්තශාලාවල වැඩ කරපු සේවකයින්ගේ ජීවිත හරිම අපහසු ජීවිත. ඔවුන්ට ලැබුනේ ඉතා අඩු පඩි. ඒත් එක්කම විශාල ලෙස වැඩ කරන්න ඔවුන්ට සිද්ධ වුනා. චාර්ල්ස් ඩිකන්ස් නවකතා ලිව්වේ යම් ප්‍රමාණයකට මේ සමාජ අසාධාරණය පෙන්නුම් කරන්න. අනෙක් අතට කාර්ල් මාක්ස් හිතුවා මේ හරහා කොමියුනිස්ට් විප්ලවයක් වෙයි කියල. ඔහු වැරදියි. ඒත් අපි ඒ ගැන පස්සෙ කතා කරමු.

ඒත් එක්කම සිදුවුන විශාල වෙනසක් තමයි වෛද්‍යය විද්‍යාවේ දියුණුව. ලෙඩ රෝග පිළිබද තිබුණු අද්භූත අදහස් අත ඇරලා, විද්‍යාත්මක පදනමක ඉදල වෛද්‍යය විද්‍යාව දියුණු වෙන්න පටන් ගත්තේ මේ කාලේ. මේක ඉතා විශාල වෙනසක් වුනා. උදාහරණයක් ලෙස ලන්ඩනයේ ළමා මරණ ප්‍රතිශතය 1730 සිට 1810 අතර කාලයේදී සියයට හතළිහකින් පමණ අඩුවුනා.

ඉතින් පශ්චාත් නූතනවාදය විසිවෙනි සියවසේදී බිහි වුනේ මේ රටවල් එන්න එන්න ධනවත් වෙන, එන්න එන්න නිදහස් වෙන, මිනිස්සුන්ගේ ජීවිත කාලය එන්න එන්න වැඩිවන, ඉතා සුභදායි කාලයක ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් විදිහට. ඇත්තටම මාක්ස්වාදය, ලේනින්වාදය, ට්‍රොට්ස්කිවාදය ආදි සියල්ලම නූතනවාදය තුළ රැදී සිට විශාල වෙනසක් කරන්න උත්සහ කරපු වාමවාදී දර්ශන. ඔවුන් පිළිගත්තේ නැත්තේ නූතනවාදය තුළ තිබුන පුද්ගලවාදයත්, ඒ හරහා ඇතිවුන ධනවාදයත් පමණයි. ඔවුන් කවදාවත් ධනය නරකයි කිව්වේ නැහැ. තර්කනය බොරුවක්, අනවශ්‍යය දෙයක් කිව්වෙ නැහැ. නමුත් ප්‍රශ්නය වුනේ මේ සියල්ල අන්තෙටම අසාර්ථක වීම. පශ්චාත් නූතනවාදය යනු මේ අර්බුදයෙන් වාමවාදය බේරගන්න ඇතිවුන වාමවාදී දර්ශනයක්. ඔවුන් ඒක කරන්න හැදුවේ නූතනවාදී දර්ශනයේ උඩ සිට පහළටම පහරදිලා. ඒ කියන්නෙ තර්කය පවා අයින් කරල දාලා. මොකද ඔවුන් තේරුම් ගත්තා තර්කය හරහා වාමවාදය ගොඩගන්න බැරිනම්, කරන්න තියන එකම වැඩේ තර්කනය නොපිළිගැනීම කියල. ඉතින් මේ පශ්චාත් නූතනවාදයේ ස්වභාවයත්, එහි ශතවර්ෂ කිහිපයක් පුරා දිවෙන දාර්ශනික ඉතිහාසයත් ගැන අපි ඉදිරි ලිපි වලදී කතා කරමු.

පශ්චාත් නූතනවාදයනම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 2 කොටස – නූතනවාදය

පශ්චාත් නූතනවාදය (post-modernism) කියන නමින්ම තේරෙනව ඒක තව මොකක් හරි එකකට විරුද්ධව හැදුන දෙයක් කියල. එතකොට මොකට විරුද්ධවද මේක හැදුනෙ? මේක හැදුනෙ නූතනවාදයට (modernism) විරුද්ධව. පශ්චාත් නූතන්වාදය එතිහාසිකවත්, දාර්ශනිකවත් නූතනවාදයට විරුද්ධයි. ඒවගේම ධනවාදයට විරුද්ධයි. වාමවාදියි. ඒකත් පුදුම වැඩක් තමයි. මොකද යතාර්ථයක් නැහැ, සත්‍යයක් කියල දෙයක් නැහැ කියල කියද්දි අපි හිතන්නෙ එක එක පශ්චාත් නූතනවාදින් එක එක දේශපාලන දර්ශන තෝරගනියි කියල. ඒත් ඔවුන් හැමෝම වාමවාදින්, හරියට මාස්ක්වාදය විතරක් සත්‍යයක් වගේ. ඒ කොහම උනත්, අපි මුලින්ම නූතනවාදය කියන්නෙ මොකද්ද, පශ්චාත් නූතනවාදය එයින් වෙනස් වෙන්නෙ කොහමද කියන එක කතා කරල ඉමු.

ඔබ දන්නව ඇති මීට ශතවර්ෂ කිහිපකට පෙර යුරෝපයෙ ඇති වුනා පුනරුදය (Renaissance) කියල දෙයක්. ග්‍රීක, රෝම යුගයෙන් පසු ශතවර්ෂ ගණනාවක් කිසිම ලොකු වැඩක් කරන්නැතුව අදුරු යුගයක ගිලිල හිටපු යුරෝපය පහළොස් වන සියවසේදී එකපාට්ටම ඉතාලියෙ ෆ්ලෝරන්ස් නගරයෙන් නැගිටින්න පටන් ගත්තා. මයිකල් ඇන්ජලෝ, ලියනර්ඩො ඩවින්චි, ගැලීලියෝ ගැලීලි වගේ අය බිහි වුනේ මේ කාලේ. මේ සිදුවුන වෙනස තවත් ලොකු වෙනසක්ට අඩිතාලම දැම්ම. ඒ තමයි Enlightenment.

ෆ්‍රැන්සිස් බේකන් (Francis Bacon 1561-1626), රෙනේ ඩේකාර්ට් (Rene Descartes 1596-1650), ජොන් ලෝක් (John Locke 1632-1704) වගේ දාර්ශනිකයන් මේකේ පුරෝගාමින්. මොවුන්ට ලොකු විශ්වාසයක් තිබ්බා විද්‍යාව ගැන. ඒ කාලෙ විද්‍යාව (science) කියන නම වත් හැදිල තිබුනෙ නැහැ. නිව්ටන්, කෙප්ලර් වගේ අය හැදින්නුවේ natural philosophers හෙවත් ස්වභාවික දාර්ශනිකයන් කියල. ඒත් එන්ලියිටන්මන්ට් එකේ පුරෝගාමින්ට මේ ස්වභාවික දර්ශනය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒත් එක්කම් ඔවුන්ට ලොකු විශ්වාසය්ක් තිබ්බ තර්කය (reason) ගැන. ඔවුන් විශ්වාස කලා රීසන් හරහා ලෝකය තේරුම් ගන්න පුලුවන් කියල. ඒත් එක්කම මොවුන් පුද්ගලවාදින් (individualist).  එනම්, ඔවුන් විශ්වාස කළා සමාජය තනි තනි මිනිස්සුවෙනුවෙන් පවතින්න ඕන මිසක් සමාජය වෙනුවෙන් මිනිස්සු ජීවත් වෙන්න ඕන නැහැ කියල. (සමාජය වෙනුවෙන් මිනිස්සු ජීවත්වන සමාජවාදය, කමියුනිස්ට්වාදය වැනි දර්ශන පොදුවේ හදුන්වනව සමූහවාදී (collectivist) දර්ශන කියල.)

නූතනවාදය හදුනාගන්න ලේසිම ක්‍රමය තමයි ඒක පුර්ව නූතන යුගයත් එක්ක සන්සන්දනය කිර්‍රිම. පූර්ව නූතන යුගයේ පාරහෞතිකය (metaphyscs) වුනේ යතාර්ථවාදය. නූතන යුගයෙත් එහෙම්මමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනව. පූර්ව නූතන යුගය යතාර්ථවාදී වුනත් එක අධිස්වභාවික (supernatural) යතාර්ථයක්. මිනිස්සු ස්වභාවික හේතු හරහා අත්දැකීම් පැහෑදිලි කරනව වෙනුවට අද්භුත දේවල් හරහා ඒව පැහැදිලි කළා. උදාහරණයක් විදිහට මිනිහෙක්ට කරදරක් වුනාම එහෙම වුනේ කරල තිබුන පව් නිසා කියල වගේ දේවල් මීනිස්සු බහුල ලෙස විශ්වාස කළා. මේ වගේ විශ්වාස අදටත් බටහිර රටවල තිබුනත් උගතුන් අතර ජනප්‍රිය නැහැ. ලංකාව මේ අතින් තාම ඉන්නෙ පූර්ව නූතන යුගයක කියල කෙනෙක්ට හිතන්න පුලුවන්.

අනෙක් අතට නූතනවාදයේ පාරභෞතිකය යතාර්ථවාදී වෙනව විතරක් නොවෙයි,එය ස්වභාවික යතාර්ථයක්. මිනිහෙක්ට කරදරයක් වුනාම ඒක වෙන්නෙ පිං පව් වගේ අද්භූත දෙවල් හින්ද නෙවෙයි, සරළ ස්වභාවික හේතු නිසා. ගෙදට්ට හෙන ගැහුවේ දෙයියො කෝප වෙලා නිසා නෙවෙයි, අකුණු ගැසීම ස්වභාවික සංසිද්ධියක් නිසා.

පුර්ව නූතන යුගයෙත්, නූතන යුගයෙත් ඥාණ විභාග ක්‍රමවලත් ලොකු වෙනසක් තියනව. පුර්ව නූතනවාදින් විශ්වාසය, සම්ප්‍රදාය, ආගම වගේ අද්භුත දේවල් ආදිය හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සහ කළත් නූතනවාදින් උත්සහ කළේ සංවේදනය හා තර්කනය හරහා ලෝකය තේරුම් ගන්න. මේක දිගින් දිගටම විස්තර කිර්‍රම මම හිතන්නෙ අනවශ්‍යයයි. තර්කානුකූල, යතාර්ථවාදී මනසකත්, අතාර්කික අවිද්‍යාත්මක මනසකත් වෙනස පාඨකයින්ට අමුතුවෙන් කියල දෙන්න දෙයක් නැහැ.

ඒත් එක්කම පුර්ව නූතන යුගයෙත්, නූතන යුගයෙත් මිනිසාගේ ස්වභාවය පිළිබද දැක්ම අහසට පොළව වගේ. පුර්ව නූතනවාදින්ට අනුව මිනිසා යනු පව්කාරයෙක්. මේ සිතුවිල්ලට හේතුව තමයි ආදම් හා ඒව කළ පව ගැන ක්‍රිස්තියානි ඉගැන්වීම. අනික් අතට නූතනවාදින්ට අනුව මිනිසා යනු තර්කානුකූලව හිතන්න පතන්න පුලුවන්, අලුත් අලුත් දේ නිර්මාණය කරන්න පුලුවන්, යහපත සදහා ලෝකය වෙනස් කරන්න පුලුවන් විශිෂ්ඨ සත්වයෙක්. ඒත් එක්කම පුර්ව නූතනවාදින්ට යම් හැගීමක් තිබ්බ අතීතය අදට වඩා හොදයි කියල. ඇත්තටම එක මුලාවක්. මේ වගේ අදහස් ලංකාව වගේ රටවල තවමත් ජනප්‍රියයි. නූතනවාදින් මේ මතය පිළිගත්තේ නැහැ. ඔවුන්ට අනුව අනාගතය සුභ දායකයි. අනාගතය අතීතයට වඩා හොදයි.

කළින් කිව්ව පරිදි පුර්ව නූතන යුගය සමූහවාදියි (collectivist). එනම් ඔවුන්ට අනුව සමාජය/රට/රාජ්‍යය ආදී දේවල් වෙනුවෙනුයි මිනිස්සු ජීවත් විය යුත්තේ. පසු කාලීනව මාක්ස්වාදය, නාසිවාදය ආදීය ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි විසි වෙනි සියවසේදිත් මේ සමූහවාදී හැගීම් මිනිසුන් තුළ ඉතිරි වෙලා තිබීම කියල කියන්න පුලුවන්. නූතනවාදින්ට අනුව සමාජය සෑදිය යුත්තේ තනි පුද්ගලයාගේ සුභ සිද්ධිය සැලසෙන පරිදි. ඒත් එක්කම පුර්ව නුතන දේශපාලන ක්‍රමය වුනේ වැඩවසම් ක්‍රමය. නූතනවාදී දේශපාලන ක්‍රමය වුනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය.

දහ අටවන සියවස වෙද්දි පුර්ව නූතනවාදය දාර්ශනික වශයෙන් සම්පුර්ණයෙන්ම වගේ පරාජය වුනා කියල කියන්න පුලුවන්. මේක දාර්ශනික විප්ලවයක්. එක අතකින් බැලුවොත් මේක අන්තිම දාර්ශනික විප්ලවය කියල කියන්න පුලුවන්. පසුකාලීනව ලෝකයේ විවිධ තැන්වල විවිධ වර්ගයේ දාර්ශනික අදහස් ඉදිරිපත් වුනා. නමුත් ඒ කිසි දෙයක් දාර්ශනික විප්ලව වශයෙන් හදුන්වන්න අමාරුයි. සිදුවුන සාර්ථක වෙනස්කම් සියල්ලම සිදුවුනේ නූතනවාදී පදනම තුළ ඉදලා. විසිවෙනි සියවසේ සාර්ථක දාර්ශනිකයන් වුන බර්ට්‍රන්ඩ් රසල්, ඩ්බ්ලිව්.වී.ක්වින්, ජී.ඊ.මුවර්, ඩැනියල් ඩෙනට් ආදී සියලු දෙනාම මේ පදනම තුළ සිටයි තම මත ඉදිරිපත් කළේ. මේ පදනමෙන් පිටයන්න හදපු මහද්වීපික දර්ශන සියල්ල අසාර්ථකච්යි. පශ්චාත් නූතනවාදයත් ඒ අසාර්ථක දර්ශන වලින් එකක්. මාක්ස්වාදය ගත්තොත් ඒක නූතනවාදී පදනම තුළ රැදුනා. නමුත් එය සමූහවාදි දර්ශනයක්. මාක්ස්වාදය දේශපාලන විප්ලවයක් ඇති කළත් එය අවසානයේ අසාර්ථක වුනා. මේ සියල්ල පිළිබද ඉදිරි ලිපි වලදී කතා කරමු.

නූතනවාදින් සියලු දේනා එකිනෙකා සමග හැම දෙයක් ගැනම එකග වුනේ නැහැ. නූතනවාදය තුළ ක්‍රියාත්මක වුන දර්ශනය පිළිබද ප්‍රධාන දැක්මවල් දෙකක් තිබුනා. ඒ තමයි බුද්ධිස්වතන්ත්‍රවාදය (rationalism) හා අනුභූතිවාදය (empiricism). ඩේකාර්ට්, ලීබ්නිස් ආදින් බුද්ධිස්වතන්ත්‍රවාදියෙක්. ලෝක්, හියුම්, බේකන් ආදින් අනුභූතිවාදින්. ශතවර්ෂ කිහිපයක් තිස්සේ නූතනවාදී දාර්ශනිකයන් අතර තිබුන ප්‍රධානම විවාදය මේක කියල කියන්න පුලුවන්. අද වෙනකොට මේ විවාදය ඉවරයි, ලංකාවේ සමහරුන් තාමත් මේක ඉවර නැහැ කියල හිතුවට. ඒ කොහම උනත් මේ සියලු දෙනා නූතනවාදින්. මොවුන් සියලු දෙනා පුර්ව නූතනවාද විරෝධීන්. මොවුන් සියලු දෙනා තර්කය විශ්වාසයට වඩා වැදගත් කියල හිතපු පිරිසක්.

ඊලග ලිපියේදී නූතනවාදය නිසා සිදුවුන විද්‍යාත්මක හා දේශපාලන විප්ලවය ගැන කතාකරමු.

පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 1 කොටස

ඔබ්ජෙක්ටිවිස්ම් වල අඩුපාඩුකම් පෙන්වමින් ලිපි දෙකක්ම ලිව්ව නිසා මට හිතුන වෙන දෙයක් ගැන කතා කරන්න. ඔබ්ජෙක්ටිවිස්ම් වල අඩුපාඩු ගැන මුල ඉදලම රචනා පේළියක් ලියන්න අදහසක් තියෙනව. ඒත් ඒක පොඩ්ඩක් පැත්තකට තියල පශ්චාත් නූතනවාදය ගැන ලියන්න හිතුව. මේකට ප්‍රධානම හේතුව තමයි ඔබ්ජෙක්ටිවිස්ම් කියන්නෙ පශ්චාත් නූතනවාදයට වඩා හුගක් හොද දර්ශනයක්. ඉතින් ඒකෙ සමහර වැරදි ඉතා සියුම්. ඒ නිසා පශ්චාත් නූතනවාදය වගේ අමූලික ගොන්පාර්ට් එකකින් දේශපාලන දර්ශනයට බහින එක පාඨකයටත්, මටත් පහසුයි.

පශ්චාත් නූතනවාදය කියන්නෙ මොකද්ද කියන ප්‍රශ්නය අහන්න කලින් මම අහනව අපි දන්න පශ්චාත් නූතනවාදියෝ කවුද කියල. කටට එකපාට්ටම එන්නෙ දීප්ති කුමාරව වෙන්න ඇති. දීප්ති දන්න පශ්චාත් නූතනවාදයක් නැහැ. ඒ නිසා පහත දැක්වෙන්නෙ ප්‍රසිද්ධ පශ්චාත් නූතනවාදීන් කිහිපදෙනෙකුගෙ නම්,

  1. ඩෙරීඩා (Jacques Derrida)
  2.  ලියොටාර්ඩ් (Jean-Francois Lyotard)
  3. ෆෝකොල්ට් (Michel Foucault)

ඔය දීප්තිලගේ සගරාව එහෙම කියෙව්වානම් මේ නම් අහලත් ඇති. ඉතින් මේ අන්කල්ලා ටික මොනවද මේ අපිට නොතේරෙන භාෂාවකින් කියන්නෙ කියල පොඩිකාලේ මට ප්‍රශ්නයක් තිබුනා. අමාරුවෙන් අමාරුවෙන් මොකද්ද මේ කියන්නෙ කියල තේරුම් ගන්න උත්සහ කරපු මට පස්සෙ තමයි තේරුනේ මේ කියන කතා වල කිසිම තේරුමක් නැහැ කියල. පශ්චාත් නූතනවාදින්ට අනුව, මයිකල් ෆෝකොල්ට්ගේ වචන වලින්ම කියනවනම් “තර්ක, සත්‍යය හෝ දැනුම වෙනුවෙන් හෝ ඊට විරුද්ධව කතා කිරීම අර්ථ ශුන්‍යයයි” (“It is meaningless to speak in the name of – or against – Reason, Truth, or Knowledge”).

පශ්චාත් නූතනවාදින් සත්‍යය, තර්කය, දැනුම වගේ දේවල් තියනව කියල පිළිගන්නෑ. විශ්වය පිළිබද භෞතික විද්‍යාත්මක අදහසත්, ලෝකය තියෙන්නෙ ඉබ්බෙක්ගෙ පිටේ කියන මිථ්‍යා දෘෂ්ඨික අදහසත් ඔවුන්ට අනුව එකිනෙකට සමානයි. ඒවයින් එකක් අනිකට වඩා වැඩිපුර සත්‍යය වෙන්නෙ නැහැ. ඒවගේම නාසින් යුදෙව්වන් මරුවා කියල අපි කියන කතාවත්, එහෙම මැරුවේ නැහැ කියල අහ්මඩිනජාඩ් කියන කතාවත් එකිනෙකට සමානයි. ඒකෙන් එකක් අනිකට වඩා ඇත්ත වෙන්නෙ නැහැ. ඉතින් මට ආපු ප්‍රශ්නය තමයි, සත්‍යය කියල දෙයක් නැත්තම්, මොන මගුලකටද මම මේ මිනිස්සු කියන දේවල් අහන්නෙ කියල. මොකද මොවුන්ට අනුව මට හිතෙන ඕන දෙයක් මොවුන් කියන දේවල් තරමටම සත්‍යයි හෝ අසත්‍යයයි.

මේ ප්‍රශ්නය ගැන පශ්චාත් නූතනවාදින් නොදන්නවා නෙවෙයි. එක පැත්තකින් ඔවුන් කියනව සත්‍යයක් ගැන කතා කරන්න බැහැ කියල. ඒ කියන්නෙ අපි කියන කිසි දෙයක් යතාර්ථයයි කියල කියන්න බැහැ කියල ( ඇත්තටම ඔවුන්ට අනුව අපිට යතාර්ථයක් ගැන කතා කරන්න බෑ විතරක් නෙවෙයි, යතාර්ථයක් කියල දෙයක් නැහැ. මේ ගැන අපි පස්සෙ කතා කරමු ). අනෙක් අතට ඔවුන්ට ප්‍රශ්නයක් එනවා එහෙමනම් ඇයි කවුරුවත් ඔවුන් කියන දේවල් සත පහකට වත් ගනන් ගත යුත්තේ කියල. ඉතින් මිනිහෙක් ගනන් ගන්න දෙයක් ලියද්දි ඔවුන්ට සිද්ධ වෙනව තමන් යතාර්ථය පැහැදිලි කරන ස්වරූපයෙන් යමක් ලියන්න. අනික් අතට ඔවුන්ට කියන්න වෙනව තමන් ලියන දෙයට කිසිම සත්‍යයතාවක් නැහැ කියල. පශ්චාත් නූතනවාදය ගොන් පාර්ට් එකක් කියන්නෙ ඔන්න ඔය වගේ හේතු නිසා තමයි.

පශ්චාත් නූතනවාදයේ තියෙනව ඩීකන්ස්ට්‍රක්ෂන් කියල සංකල්පයක්. අපි ඒ මොකද්ද කියල පස්සෙ දවසක කතා කරමු. දැනට වැදගත් මෙන්න මේ කරුණ. පශ්චාත් නූතනවාදින් තර්කය (ඇත්තටම සිංහලෙන් තර්කය කියද්දි ඉංග්‍රීසියෙන් logic, reason, rationality යනුවෙන් හදුන්වන වචන තුනම හදුන්වනවා), සත්‍යය වැනි සංකල්ප ඩීක්න්ස්ට්‍රක්ට් කරලා ඉවර වෙලා කියනවා ඒවා බොරු පිස්සු විකාර කියල. මිනිහෙක් තර්කානුකූලනම් (reasonable/ rational), ඒ මිනිහට විශ්වාස කරන්න පුලුවන් දේවල් තියනව, බැරි දේවල් තියනව. මොකද මිනිහගේ විශ්වාස යතාර්ථයට සමපාත වෙන්න ඕන. යතාර්ථය තුළ මකරුන් නැත්තම් මිනිහට සිද්ධවෙනවා මකරු නැහැ කියල විශ්වාස කරන්න. හැබැයි පශ්චාත් නූතනවාදීන්ට අනුව ඕන කෙහෙම්මලක් විශ්වාස කරන්න පුලුවන්, මොකද යතාර්ථය කියල දෙයක් නැහැ. ඒවගේම තර්කය, සත්‍යාය කියන්නෙ පිස්සුවක්. ස්ටන්ලි ෆිෂ් කියන පශ්චාත් නූතනවාදියා කියන ආකරයට ඩීකන්ස්ට්‍රක්ෂන් “මට නිවැරදි වෙන්න තියෙන යුතුකමෙන් මාව මුදවනව. මට කරන්නෙ තියෙන්නෙ ඉන්ට්‍රස්ටින් පොරක් වෙන්න විතරයි” (“relieves me of the obligation to be right…and demands only that I be interesting.” මේක ජෝක් එකක් නෙවෙයි. මේක තමයි දීප්ති වගේ අයගේ දර්ශනය.

ඉතින් මේ ගොන් පාර්ට් දර්ශනය ගැන දීර්ඝ ලිපි පෙළක් පොත් කිහිපයක් මූලාශ්‍ර කරගෙන ලියන්න මම අදහස් කරනව. ඊළග ලිපියේදී ශතවර්ෂ කිහිපයකට පෙර සිට මේ පශ්චාත් නූතනවාදයේ අඩිතාලම ගැන කතා කරමු.

අරුණි ශපීරෝ විසින් වාරණය කරන ලදී | Censored by Aruni Shapiro

මම අරුණි ශපීරෝ සමග ඇගේ බ්ලොග් අඩවියේදී රජයක් බදු ගැසීම පිළිබද යම් කිසි විවාදයක යෙදුනා. එහිදී මම ඉදිරිපත් කළ කාරණා දෙකකට උත්තර දීගන්න බැරි වුන ඇය එම කමෙන්ට් එක වාරණය කරල දැම්ම. ඔබ්ජෙක්ටිවිස්ම් වැනි බංකොලොත් දර්ශනයක් විවේචනයෙන් ගලවා ගන්න තියෙන එකම ක්‍රමයත් ඒක තමයි. වැඩි දුර කතා කරන්න කලින් අපි ඒ වාරණය කරන ලද කමෙන්ට් එක කියවල ඉමු:

//බදු -නොහොත්, හරියටම නිවැරදිව කියනවා නම්, ආණ්ඩුවේ සේවා සඳහා ගෙවීම්- ස්වේච්ඡාවෙන් සිදුවන්නකි//

හොදයි. ඔබ මේ ආණ්ඩුවට ස්වේච්ඡාවෙන් කරන ගෙවීම් බදු වශයෙන් හදුන්වන්න අකමැතිනම් මම ඒව “ජම්බු” වශයෙන් හදුන්වන්නම්. වචනයක නිර්වචනය වෙනුවෙන් යුද්ධ කරන්න මම ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් නෙවෙයි.

මේ අවසාන කමෙන්ට් ඒක තුල ඔබ ඇත්තටම කරල තියෙන්නෙ මම කියපු දේ ආයෙමත් කියන එක මිසක් අහපු දේවල් වලට උත්තර දෙන එක නෙවෙයි. ඔබ දීර්ඝ වශයෙන් ලියල තියනව ඔබ්ජෙක්ටිවිස්ට් රජයක කාර්යයභාරය ගැන. ඒක ගැන මම කලින් කෙටියෙන් ලිව්ව, රජයක් කාර්යයභාරය පොලීසියක්, උසාවියක් හා හමුදාවක් පවත්වාගැනීම පමණයි කියල. ඔබ ඒ ටිකම ආයෙත් කියල වැඩක් නැහැ. මම මෙතනදි මතු කරපු ප්‍රශ්නය තමයි මේ ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයට සුනාමියක් ආවොත් මොකද වෙන්නෙ කියල. ගිනි නිවන හමුදාවක්වත් පවත්වගන්නැති මේ ඔබ්ජෙක්ටිවිස්ට් රටේ සුනාමියෙන් අවතැන් වෙන මිනිස්සුන්ට මොකද වෙන්නෙ?

ඒක පළවෙනි ප්‍රශනය. අපි නැවතත් ජම්බු වලට යමු. නිවහල් සමාජයේ සාමාජිකයන් රජයට ජම්බු ගෙවිය යුතුයි කියල රෑන්ඩ් කියනව. මම අහපු ප්‍රශ්නය තමයි මොන හේතුවක් මතද rationally self-interested agent කෙනෙක් ඔය ජම්බු ටික ගෙවන්නෙ කියල. මේ අහන ප්‍රශ්නය හුගක් ඔබ්ජෙක්ටිවිස්ට්ලාට නොතේරුනාට game theory තුල බරපතල විදිහට අධ්‍යයනය කරපු ප්‍රශ්නයක්. මේක හදුන්වනව assurance problem  කියල. කල්පනා කරල බලන්න මේවගෙ රාජ්‍යයක rationally self-interested මනුස්සයෙක් මොකද කරන්නෙ කියල.රජයෙන් ලබාදෙන සේවා වලින් වාසියක් ලබා ගන්න ඔහුට පුලුවන්. හැබැයි ඔහුට ඊටත් වඩා වාසියක් ලබාගන්න පුලුවන් ඒ සේවාවන් ඔහු නොමිලේම ලබා ගන්නවනම්. ඉතින් මේ වගේ අවස්ථාවක rationally self-interested මිනිහෙක් කළ යුත්තෙ සත පහක් වත් (ජම්බු ) රජයට නොගෙවා ඉන්න එක. අනික අතට හිතන්න මේ සමාජයේ ඉන්න හැමෝම rationally self-intersted මිනිස්සු කියල. ඒතකොට අපි දන්නව අපි ඔක්කම නොමිලේ බඩු ගන්න හදනව කියල. එවැනි අවස්ථාවක ජම්බු ගෙන්වන එක අන්තිම irrational වැඩක්. මේක ආඩි හත් දෙනාගෙ කතාව වගේ. හැම ආඩියම බලන්නේ නිකන් බත් කන්න. ඒ නිසා කවුරුවත් හාල් මිටක් දාන් නැතුව අනික් අයගේ ඒව කන්න බලනව. අනික් අතට හැම ආඩියම දන්නවනම් අනික් හය දෙනාම හාල් දාන් නෑ කියල තමන්ගෙ හාල් ටික දාන එක අන්තිම මෝඩ වැඩක්. කලින් කිව් පරිදි game theory තුල මේ ප්‍රශනය හදුන්වනව assurance problem කියල. රජයක් කරන්නේ බලය යොදලා assurance problem එක විසදන එක.

එතකොට දෙවෙන් ප්‍රශ්නය තමයි, දැන් මේ ප්‍රශ්නයට ඔබ්ජෙක්ටිවිස්ට්ලා දෙන උත්තරේ මොකද්ද? මම දන්න තරමින් ඔවුන් assurance problem කියල දෙයක් තියෙනව කියල පිළිගන්නැහැ. මේක සම්බන්ධයෙන් කොච්චර විද්‍යාත්මක පර්යේෂණ කරල තිබුනත් ඔබ්ජෙක්ටිවිස්ට්ලාට ඒවයින් වැඩක් නැහැ. පීකොෆ් කියන විදිහටම ඔබ්ජෙක්ටිවිස්ට්ම් කියන්නෙ closed system එකක්. අයන් රෑන්ඩ් කියපු දේ දේව වාක්‍යය වගේ.

//ඊ ළඟට රචනාවේ ඇය යෝජනා කරන්නේ කැමැත්තෙන් මිල දී ගන්නා ලොතරුයි විකුණන ක්‍රමයකින් ආණ්ඩුවේ ලොතරැයි මණ්ඩලයක් මඟින් ආදායමක් උපයා ගන්නා ආකාරයයි. අද ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ ඇමෙරිකන් ප්‍රන්ත වලද ලොතරැයි විකුණා එසේ ආණ්ඩුවේ වියදම් සඳහා මුදල් සොයා ගන්නවා. //

අයන් රෑන්ඩ් rationality ගැන කටකැඩෙනකම් කතා කළාට ඒ ගැන වැඩි දෙයක් දැනන් හිටියි නැහැ. ඒකට එක හේතුවක් තමයි Bayes theorem  ඒක සාමාන්‍යය ප්‍රශ්න වලදී භාවිතය, heuristics හා biases සම්බන්ධ හුගක් පර්යෙෂණ සිද්ධ වුනේ අසූගණන් වලින් පස්සෙ. ඇය ඒව ගැන දැනගෙන හිටියනම් කීයටවත් ඔය ලොතරැයි උදාහරෙනෙ ගේන්නෙ නැහැ. මොකද ලොතරැයි ගන්නනම් ඔබ අන්තිම irrational මනුස්සයෙක් වෙන්න ඕන. මිනිස්සුන්ට ලොතරැයි ගැනීම rational වැඩක් වගේ පේන්නෙ මිනිස්සු probabilistic reasoning වලට ස්වභාවයෙන්ම දුර්වල නිසා. ඒක අපේ පරිණාමික අතීතය හා බැදුන දුර්වලතාවයක්. ලොතරැයිය දිනන්න තියෙන සම්භාවිතාවය බිලියනයට එකයි කිව්වට මිනිසුන් ඒකෙන් තේරුම් ගන්නෙ ලොතරැයිය ගන්න එක මැටිමෝල් වැඩක් කියන එක නෙවෙයි, දිනන්න පුංචි හරි සම්භාවිතාවයක් තියනවනෙ කියල.ඉතින් හැමෝම rationally self-interested මිනිස්සුනම්, මේ ලොතරැයි ව්‍යාපාරෙත් කඩාගෙන වැටෙනව.

ඔය ප්‍රශ්න දෙක තමයි මම මුලික වශයෙන්ම ඇහුවෙ. අර The choice of a specific method of implementation වලින් පටන් ගන්න කොටස මම මේ ළගදි උදිත ගේ බ්ලොග් එකේ උපුටා දැක්වුවා. මම එතනදි පෙන්නුම් කළේ මේ කියන ජම්බු වලින් යැපෙන රාජ්‍යයේ අප්‍රායෝගිකත්වය. ජම්බු වලින් යැපෙන්න ඕනේ ඕනේ කියල කිව්වට කොහමද යැපෙන්නෙ කියල රෑන්ඩ්වත් දන් නැහැ. අනික් කාරණේ තමයි හුගක් පණ්ඩිත කතා කිව්වට තමන්ට කරදරයක් වුනාම ආණ්ඩුවෙන් නිකන් දෙන දේ ගන්න ඔබ්ජෙක්ටිවිස්ට්ලාවත්, ලිබර්ටේරියන්ලාවත් පසුබට වෙන්නැහැ. අයන් රෑන්ඩ් එක්කෙනෙක්. මට මතකයි John Stossel රූපවාහිනී වැඩසටහනකදි කිව්ව ඔහුගේ නිවස සුළි කුණාටුවකින් විනාශ වුනාම ඔහු රජයේ ආධාර ගත්තා කියල. I felt bad about it afterwards ලු. හහ්.

ඔබට පෙනෙනව ඇති මෙතනදි මම කිසිම නොහොබිනා දෙයක් කිව්වෙ නැහැ. මම කුණුහරුප කිව්වෙ නෑ. කාටවත් තරහින් බැන්නෙ නැහැ. මම ඒ ආකාරයේ කිසි දෙයක් කලේ නැහැ. මම කරපු එකම දේ තමයි ඔබ්ජෙක්ටිවිස්ට්ලාට හොද උත්තර දෙන්න බැරි ප්‍රශ්නය දෙකක් අහපු එක. ඒව තමයි:

1. ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයකට සුනාමියක් වැනි ස්වභාවික ආපදාවක් ආවොත් අවතැන් වෙන මිනිස්සුන්ට මොකද වෙන්නෙ?

2. ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව මිනිස්සු rationally self-interested වෙන්න ඕන. ඒ වගේම ඔවුන්ට අනුම ආණ්ඩුවට කරන ගෙවීම් ස්වේච්චාවෙන් කරන්න ඕන. මගෙ ප්‍රශ්නය වුනේ rationally self-interested මනුස්සයෙක් ස්වෙච්චාවෙන් ආණ්ඩුවට සල්ලි ගෙවන්නෙ ඇයි කියල.

අරුණි මේක වාරණය කලේ මෙන්න මෙහම කියල:

වෙන කවුද කෙනෙක් ලියපු එකක කොනක් අල්ලා ගෙන, දර්ශනයක් තමා වටහා ගත් ලෙසින් පෙනී සිටිමින් එහි වැරදි කියන්න යන අය, වැඩේ වැරදුනාම ඒත් පිළිගන්නේ නැහැ. Sharanga විසින් රූන්ඩ් ගේ පොතේ අදහස නෙමෙයි, ඒ රචනාව කියවා ඇත්දැයි සැකයි. එයින් තමන් උපුටා ගන්නා වගන්තිය ද තමන්ට ඕනෑ විදියට අරගෙන කතා කරමින් තමන් නිවැරදි යයි තවමත් කියනවා. එහෙම අයට ඉඩක් දෙන්න මගේ උත්සාහයෙන් සහ මගේ පුද්ගලික අයිතියෙන් පවත්වා ගෙන යන අඩවියේ ඉඩක් දිය යුතු යැයි ද හිතන චින්තනයෙන්ම තමයි මගේ මුදල් ද බදු යැයි කියමින් සොරකම් කරන්න අයිතියක් තියෙනවා කියල හිතන්නේ.

එවැනි හිමිකමක් කාට හරි ඇතැයි හිතනවා නම්, එහෙම හිතෙන සෑම අයෙක්ම තම අයිතීන් මොනවාදැයි කියන එක වහාම තමන් විසින් සොයා බලන්න උත්සාහයක් ගන්න අවශ්‍යයි. නැත්නම් තමන්ට දැනට තියෙන ඇබිත්තන් නිදහසත් අහිමි වෙලා ගියාට පස්සෙ අහයි මොකක් ද වුනේ කියලා!!!

මේ කතාවේ මැටි මෝල් කම මම පැහැදිලි නොකළත් බොහෝ දෙනෙකට තේරෙන දෙයක්. ඒත් කෙටියෙන් කියනවනම්:

1. මේකෙ කොහෙදිවත් මම අහපු ප්‍රශ්න දෙකට උත්තර නැහැ. ඉතින් කොහමද මට වැඩේ වැරදුනේ?

2. මම රචනාව කියෙව්වත් නැතත් (මම කියවල තියෙනව ), ඒක අදාළ කාරණාවක් නෙවෙයි. ඇයට පුලුවන් වෙන්න ඕන අහන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න.

3. මේක අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි. ඇයට ඇගේ බ්ලොගයේ තමන්ට කැමති ඕන දෙයක් කරන්න අයිතියක් නීතියෙන් තියෙනව. මටත් මගේ බ්ලොගයේ මේ විදිහට ලියන්න අයිතියක් තියෙනව. මම අයිතිවාසිකම් ගැන කතා කළේ නැහැ. ඒත් මම ප්‍රශ්න කරනව ඇගේ බුද්ධිමය අවංකකම (intellectual honesty). අවංක බුද්ධිවාදියෙක් කරන්නේ විරුද්ධ මත වලින් ගැලවෙන්න ඒව වාරණය කරල දාන එක නෙවෙයි. ඒවට උත්තර දෙන එක. ඒත් ඉතින් ඔබ්ජෙක්ටිවිස්ම් වලට ඕවට උත්තර නැහැ. කට උත්තර නැති උනාම මිනිස්සු ඔය වගේ ෆුල් ආතල් වැඩ කරනව. අරුණි ශපීරෝගේ මොළේ ඇතුලේ තියනව චීනයේ අන්තර්ජාල ෆයර්වෝල් එක වගේ දෙයක්. විරුද්ධ මතයක් ආපු ගමන් බලන්නෙ වත් නැතුව ඒව රිජෙක්ට් කරල දානව. මේ හැසිරීම අරුණිට විතරක් අදාල දෙයක් නෙවෙයි. බහුතරයක් ඔබ්ජෙක්ටිව්ස්ට්ලා ඔහොමයි. ඔබ්ජෙක්ටිවිස්ම් කියන්නෙ ආගමක්. ඒක අදහන්නෙ අරුණි ශපීරෝ වගේ මූල ධර්මවාදින්.

අරුණි සමග විවාදය සදහා මෙය ක්ලික් කරන්න.

EDIT: මෙම ලිපිය පළ කිරීමෙන් පසුව අරුණි ශපීරෝ මගේ කමෙන්ටුව පළ කර ඇත.